Like us

Thursday, February 14, 2013

ජෙනරාල් සිරගෙදර සිට ජනතාවට ලියූ පිළිතුරු ලිපි පෙල...


මේ ලියැවෙන්නේ පෙර ලියැවුණු ලිපියට ජෙනරාල්තුමා සිරගෙදර සිට ලියූ පිලිතුරු ලිපියයි.

පෙර ලිපිය 1 - සිරගත නොවූ සිතුවිලි.
පෙර ලිපිය 2 - ජයග්‍රහණයට පියවරු ගොඩයි, පරාජය අවජාතකයි.
පෙර ලිපිය 3 - සිහල මුස්ලිම් දමිල ජනයින් - සමගි කළ මිනිසා නුඹයි.

ශ්‍රී ලංකාවාසී ආදරණීය ජනතාවනි,

ඉතින් කොහොමද, මගේ දයාබර සහෝදර රට වැසියනි

සමස්ත රට වැසියන් විසින් මා වෙත යොමු කළ ලිපිය කියවීමට ලැබුණා. ඔබේත් මගේත් ආදරණීය මව්බිම කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට දිවිහිමියෙන් සටන් කළ වීර සෙබළු ගැන, ඔබ ලියූ ලෙසම පාලක රෙජිමයත් උන්ගේ කටු ලෙවකන බඩගැස්තරයිනුත් මෙන මෙනවා කිව්වත් මේ රටේ සැබෑ මිනිසුන්ගේ සහක ගැහැනුන්ගේ හදවත් වල ගැභුරින්ම සටහන්ව තිබෙන බවමට දැන් වැටහෙනවා. එහෙත් බලය නිසා හා පුත්‍ර සමාගමේත් දහසකුත් එකක් තර්ජන ගර්ජන හමුවේ එය වසන් කරගෙන සිටිනවා විනා හෙළිදරව් කළ නොහැකි තරමට මේ මව්බිමේ මාගේ ආදරණීය ජනතාව අද අසරණව සිටින බවද මම දන්නවා.

දේශ ප්‍රේමී වීර සොල්දාදුවන් සමග මිනීමරු ප්‍රභාකරන්ගෙන් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව මුදා ගැනීමට අප සැලසුම් කළ මානුෂීය මෙහෙයුම අති සාර්ථක වුණේ පොදු මහජනතාව වන ඔබෙන නිරතුරුවම අපට ලැබුණු ශක්තියත් ධෛර්යයත් නිසයි. නොකා නොබී ඉවසීමෙන් යුතුව අවදියෙන් ඔබ සැම, මටත් යුධ ගුවන් නාවික හමුදා ඇතුළු පොලීසියටත් සිවිල් ආරක්ෂක සේවයටත් ලබාදුන් ගෞරවනීය සහයෝගය නොවන්නට අප සිත තුළ කොතරම් ධෛර්යය හා සැලසුම් තිබුණත් ඒ මෙහෙයුම ජයග්‍රහණයෙන් අවසන් කරන්නට අපට නොහැකි වන්නට ඉඩ තිබුණා. එහෙයින් යුද්දය අවසන්ව වසර එක හමාරක් ගතව යාමට ආසන්න මේ මොහොතේ එම මානුෂීය මෙහෙයුමට අණ දුන් සෙනෙවියා ලෙස මම ඔබ වෙත මගේත් සියළු හමුදාවන්ගේ හා ආරක්ෂක සේවය ඇතුළු පොලිසියේත් කෘතවේදිත්වය පළ කිරීමටද මේ අවස්ථාව යොදා ගනිමි.

දින 40ක් වැනි කෙටි කාලයක දේශපාලනික අත්දැකීම් යයි කියමින් ආණ්ඩුවේ නායකයින් මට උසුළු විසුළු කරද්දීත් 2010 ජනාධිපතිවරණයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස මට ඡන්දය ලබාදී රට වෙනුවෙන් ජයග්‍රහණය වෙත මා කැදවාගෙන ගිය සියළු ඡන්ද දයකයින්ට මගේ අවංක ස්තුතිය නැවතත් පිළිගන්වනු කැමැත්තෙමි. (එදා ජෙනරාල් ඇත්තටම පරාදද?? කියවන්න මෙතැනින්..) වසර 40ක දීර්ඝකාලීන දේශපාලන පලපුරුද්දක් සහිත සංවේදී නායකයා යැයි කියමින් ඔහුම උදම් අනාගන්නා ජනාධිපතිවරයා තම දීර්ඝ කාලීන පලපුරුද්ද තුලින් ඒ වන විට එටට ලබාදී තිබුනේ මොනවාද? 1970 වසරේ පාර්ලිමේන්තුවට පත්ව ඇමතිවරයෙකු විපක්ෂ නායකයෙකු අගමැතිවරයෙකු හා ජනාධිපතිවරයෙකු ලෙස 2010 වසර වනතෙක් ඔහු රටට තබා, ඔහුගේ දේශපාලන ආසනය වන හම්බන්තොටට අත්පත් කර දුන් ජයග්‍රහන මොනවාදැයි ඔබ දන්නවාද? ඉන් එක් ජයග්‍රහණයක් නම් ශ්‍රී ලංකාවේ දුප්පත් කම වැඩිම දිස්ත්‍රික්කයට හිමි කිරුළ නොකඩවා වසර 40ක් තිස්සේ තවමත් හම්බන්තොටට හිමි කරදීමයි. (2013 වසර වන විටද තවමත් සාර්ථක මට්ටමක නැත. සෑදු වරාය පවා අසාර්ථකය.) එසේම හම්බන්තොට පාසල් දරුවන්ගේ අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ප්‍රවාහන පහසුකම්, වල සැබෑ තත්වය ඔබ දන්නවා නම් මේ පලපුරුදු සංවේදි යයි කියන නායකයාගේ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් පෙරෙන බව නොවරදවාම ඔබ විසින් හදුනාගනු නිසැකය. එසේම හම්බන්තොට දරුවන්ගේ මන්ද පෝෂණ තත්වය, ළදරු හා මාතෘ මරණ අනුපාතිකය මෙන්ම ඉඩකඩම්, ජලය වැනි පොදු පහසුකම් බෙදී යාමේ විෂමතාවය විමසා බැලුවහොත් හම්බන්තොට ප්‍රෙද්ශය අධිරාජ්‍යවාදීන්ගේ පාලන කාලය අපට සිහිපත් කරවනු ඇත. ලෙනාඩ් වුල්ෆ් නැමැති සුදු ජාතික දිසාපතිවරයා ලියු “විලේජ් ඔෆ් ද ජන්ගල්“ නැතහොත් “බැද්දේගම“ නවකතාවෙන් නිරූපණය වන සිළිදුලාගේ නූතන කතාව අද වුවද හම්බන්තොට පමණක් නොව තවත් බොහෝ ප්‍රෙද්ශවලට ආවේණික බව ඔබ දන්නවාද?

ජනාධිපති වීමෙන් පසු ඔහු හම්බන්තොට ශ්‍රී ලංකාවේ අගනුවර කරන තරමට වරාය, ගුවන් තොටුපල වැනි ඔරොත්තු නොදෙන මහා පරිමාණ පවුල් ව්‍යාපාර නම් හම්බන්තොටට හරවා ඇති බව දැන් දැන් ඔබට මාධ්‍ය මගින් දකින්නට ලැබුණත් පොළියක් මත චීනයෙන් ලබාගත් මහාපරිමාණ ණය යෝජනා ලබාදී කීයක් හරි අතට ගන්නා කම්කරුවෙකු හෝ එහි වැඩකරන සේවකයින්ට බුලත්විටක් විකුණා පනම් හතරක් හෙයාගන්නා සුළු වෙළෙන්දෙක්වත් හම්බන්තොට ප්‍රෙද්ශයෙන් බිහිව සිටීදැයි ඔබ සිතනවාද? නැත. හම්බන්තොට වරාය ඉදිකිරීම නිසා ප්‍රතිලාභ ලබන තැලෙන, පෑගෙන පන්තියේ කිසිවෙකුත් අද ඒ ප්‍රෙද්ශයේ නැත. ණය ලබාදුන් චීනයෙන්ම ආනයනය කළ කම්කරුවන්ගේ පටන් ඉහළට සියළු වෘත්තිකයින් වන්නේ චීන ජනතාවයි. වරාය  ව්‍යාපෘතියෙන් දේශීය වශයෙන් ලැබෙන්නේ කොමිස් මුදල් පමණක් බවත් ඒවා ලබාගන්නේ නම් රාජපක්ෂ රෙජිමය හෝ එය නියෝජනය කරන අතවැසියන් කිහිප දෙනෙකුත් පමණක් බවත් සමහර විට ඔබ මේවන තුරු නොදන්නවා විය හැකිය. මන්ද කිසිදු ජනමාධ්‍යයක් මේවා වාර්තා නොකරන බැවිනි. එසේ සත්‍ය වාර්තා කළහොත් ඒ ජනමාධ්‍යෙව්දීන්ට හෝ ආයතන වලට හෝ අත්වන ඉරණම විසින් සමස්ත ජනමාධ්‍යයම සළිත කොට තිබෙන බැවිණි.

- මතු සැබැදි



© S F | Online Media.

Monday, February 11, 2013

ආඩම්බරකාර තාත්තා කෝ ?


පාසලේ තීන්ත ගෑමට මුදල් නොමැති කමින් එම මුදල් පාසලට ලබා දීමට දැරිවියක් තමන්ගේ ඉඩමට නුදුරු තැනක ගසකින් වැටුණු පොල් ගෙඩි කිහිපයක් අහුලයි. ඒ තම දරිද්‍රතාව නිසා මිසක හොරකමක් කිරීමේ චේතනාවෙන් නෙවන බව පැහැදිලි කාරණයක්. පසුව නීතියේ උදහසට ලක්වන ඇය රුපියල් පනස්දහසක ඇප මත මුදා හැරේ.

තවත් තැනෙක දැරියක් දූෂණ්‍ය කරන මැතිවරයෙක් රුපියල් දසදහසක ඇප මත මුදාහැරේ.

අගවිනිසුරුවරියන් බලහත්කාරයෙන් පන්නා දමන, තම පවුල් සංස්ථාවේ අභිවෘද්ධියට ක්‍රියා කරන නීතියකින් සාධාරණයක් පැතිය හැක්කේ කවදාකද?

මේ සියල්ල බුද්ධිමත් ජනතාවගේ අවධානය පිණිස මිස, පාට කණ්නාඩි දමා ගත් අය සදහා නොවේ..


© S F | Online Media.

Saturday, February 9, 2013

යුගයක් වෙනස් කල ඒ වීර පුරුෂයා



මොහු නමින් සරත් ෆොන්සේකා මහතා.ඔහු අපට වෑදගත් වන්නේ දශක 3 පෑවතුනු යුද්දය නිමා කිරීමේ සාඩම්බර හිමිකාරයා වන්නේද ඔහු නිසා.වරක් මෙතුමා ඉදිරි ආරක්ෂක වලල්ලට පෑමිනි විට මොහු පුරා දින 2 පමන සිටියේ රට රෑකගන්න මස්,ඇස් දුන් කොල්ලො සමගයි එහිදි මේජර් කෙනෙකු මොහුගෙන් නිතරම ප්‍රශ්න කලා

සර්,අපි හෙට ටෙරාලාගේ වෑලි බෑම්ම කඩන්නද?

එපා කඩන්න එපා ඒ සර්ගේ අවවාදයයි

මේජර්ට හිතාගන්න බෑ මොකද සර් එහෙම කරන්නේ කියලා ඒ අන්තිම වෑලි බෑම්ම ඒක කඩපු ගමන් කිලිනොච්චියට ඇතුල් වන්න එක මාර්ගයක් ඇතිවෙනවා.ඒත් සර් තවමත් නිහඩයි කොහොමහරි ඔය අතරේ සාජන්ලා දෙදෙනෙකු සමාන්‍ය සෙබලු සිටින බිලට් (නිදාගන්නා ස්තානය )ඇතුල් වෙනවා.

ඩියුටි ඉවරද?

ඔව් සර්.

මේ සිදුවීම දකිනවා වරලත් මාන්ඩලික ප්‍රධානියෙක් ඔවුන් සාජන් රෑන්ක් එකට වඩා ඉහලින් සිටින පිරිසක්

සාජන් උබලා මොකද මෙහේ කරන්නේ?

එකපාරටම අන්දමන් වන මේ සාජන්ලා එකවරම කඩාගෙන කෑලය ඇතුලට දුවනවා,ඔබට දෑන් සිතාගන්න පුලුවන් මොවුන් බෑටළු හම් පොරවගත්ත කොටි ත්‍රස්තයන් පෑන යන අතරේදි සිදු කරන වෙඩි තෑබීමකින් එක් කොටියෙක් මරු වෑලදගන්නා අතර අනිත් දෙදෙනා (සාජන්ට්ලා 3 පමන පෑමින තිබිනි )කෑලය ඇතුලේ සෑගවීමට සමත් විය.

එදිනම රාත්‍රියේ කෑලය වටලන අපේ කොල්ලො පාන්දර වෙනකන් අවධානයෙන් සිටින්නේ කොටියා කොයි මොහොතේ තමන්ට වෙඩි තබයිද කියන ආවධානයෙන්

පන්දර 6 පමන අපේ කොල්ලො වෙඩි තබාගෙන කෑලය තුලට යන විටත් ඔවුන් දෙදෙනා සිය දිවි නසා ගෙන තියෙනවා.

සිදුවීමෙන් අනතුරුව පෑය 2 පසු

සරත් මහතා නෑවත ඉදිරි ආරක්ෂක වලල්ලට පෑමිනෙනවා.ඔහු ඒ මෑරුනු කොටි ත්‍රස්තයන් දකිනවා,අපේ කොල්ලන්ගේ අඩුපාඩු සොයා බලනවා

මේ වන විට කොල්ලොන්ගේ මොරාල් හොදටම අප් කරනවා ඒ කිලිනොච්චිය කොටියාගේ හදවත ආසන්නයේ අපේ කොල්ලො ඉන්නේ.

නිළදාරින් සියලුම දෙනාට අණ කරනවා උබලා අද රාත්‍රියේම කිලිනොච්චියට ඇතුල් විය යුතුයි කියලා.ඒ වගේම හෙට උබලා ඉන්නත් ඔනේ කිලිනොච්චියේ ඒ සරත් මහතාගේ අණ කොල්ලො වගේම නිළධාරින් රන හඩ පතුරවමින් සම්මත කරනවා.කෙසේ හො ඔවුන් පසු දින රාත්‍රියේ සිටින්නේ කිලිනොච්චියේ

එකා පිට එකා මෑරි වෑටි අපේ කොල්ලො කිලිනොච්චිය සටන ජයගන්නවා කිලිනොච්චියේ ඔබට දකින්න පුලුවන් සමරුවක් අන්න එතන ඇතිවුනේ මාරක සටනක් ඒ සටන වෙනුවෙන් දිවි පුදපු අපේ කොල්ලො අප්‍රමානයි ඔවුන් වෙනුවෙන් එය සදාකල් වෑජබෙනු ඇත.

සටනින් පසු සරත් මහතාගෙන් එක් නිළදාරියෙක් ඇසුවා ඔබතුමා එහෙම කලේ මොකද කියලා එතුමා පෑවසුවේ මෙවෑනි දෙයක්

මම දෑනගෙන උන්නා කොටි අනිවාර්යෙන්ම අපි ඉන්න තෑන් වලට එනවා කියලා වොරන්ට් ඔෆිසර් වෙලාවට දෑනගත්තා මුන් කොටි කියලා,ඔය සිදුවීමෙන් කොල්ලො ටික හොදටම ඇවිස්සුනා,මට එක කොල්ලෙක් කීවා සර් අද කීවත් නෑතත් මම කිලිනොච්චියට තනියම හරි යනවා කියලා ඒක මම අනිත් එවුන්ගෙන් දෑක්කා.මටත් හිතුනා මේ තමා නියම වෙලාව කියලා

සරත් ෆොන්සේකා රනවිරුවෙක්,ජාතියට පියෙක් 1948 පසු නිදහසේ මුර දේවතාවා ඔබයි ඔබතුමා නිසි වෙලාවට ගත් නිසි තීරන නිසා එදා කිලිනොච්චිය පෑය කීපයකින් අත්පත් කරගත්තේ ඔබතුමාගේ නොසෑලෙන ශක්තිය මෙන්ම අවස්තානූකූලව තීරන ගෑනීමයි.

මෙය හෙට දවසේ අප රට වෙනුවෙන් ඔබට ගෑනීමටත් හෑකියාව ලෑබේවා සමස්ත යුධ හමුදාවේ පෑතුම එයයි.

© S F | Online Media.

Thursday, February 7, 2013

යදමින් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න - තෙවස් පූර්ණ සිහි කැදවීමක්..


එදා අපේ මිනිස්සු ගමනක් බිමනක් ගියේ පුදුමාකාර බයකින්. පිටකොටුවෙ ස්ටේෂන් එකෙන් හරි, බස් හෝල්ට් එකෙන් හරි බැහැල කන්තෝරුවට යන තාත්තලා, අම්මලා, හවස බස් එකේ දුම්රියෙ නැගල ගෙදර එනකල් පුංචි උන් බලං හිටියා. ඒ නිකන්ම නෙවේ බයෙන්. පුංචි උන් අම්ම තාත්තගෙන් ඇපල් ගෙඩියක්වත් ඉල්ලුවෙ නැහැ ඒ කාලෙ. අම්ම, තාත්ත ඇපල් ගන්න කොටුවෙ පලතුරු කඩයක් ලග ඉද්දි බෝම්බෙකට අහුවුනොත් කියල පුංචි හිතට බයක් එන්න ඇති. නැත්තං කොයි දරුවද පලතුරු කන්න අකැමැති.

ඒ වගේම පුංචි උන් ස්කූල් වෑන් එකේ, ස්කූල් බස් එකේ, එහෙමත් නැත්තං පොදු ප්‍රවාහන සේවයක නැගිල කොලඹ ඉස්කෝලෙකට ගිහින් ගෙදර එනකල් අම්ම තාත්ත පුදුම බයකින් හිටිය කාලයක් තිබ්බ. අම්ම ගෙදර ඉදන් කන්තෝරුවෙ වැඩකරන තාත්තට කතා කරල අහනව පොඩි එවුන් ගෙදර එන්න පරක්කු වුනොත්. එහෙමත් නැත්තං මහ පාරට ගිහින් බලං ඉන්නවා. මොකද තමන්ගෙ පුංචි එකා තමන්ට වටින නිසාම.

බස් එකට නැගල තෙරපිලා ඉන්න අතරෙ, අතේ එල්ලගෙන ඉන්න බෑග් එකක්වත් ඉදගෙන ඉන්න කෙනෙක් අතට ගත්තෙ නැති කාලයක් ඒක. බැරි වෙලාවත් අමතක වෙලා බස් එකක පාර්සලයක් දාල ගියොත් මුළු බස් එකම තැති ගත්ත. පාරවල් ගානෙ මාර්ග බාධක තිබ්බ. සැරින් සැරේ නවත්ත නවත්ත හැදුනුම්පත් පරීක්ෂා කළා. බස් පිටින් බෝම්බ වලට අහුවෙලා ගිණි අරන් අළු වෙලා ගියා. හැමෝම හිත අස්සෙ කදුළු වගුර වගුර ඇඩුවා. ලෝකෙට කිසි දෙයක් පෙනුනෙ නැහැ. ඇහුනෙ නැහැ.

කවදාවත් හිතපු නැති විදිහට මේ පුංචි රටේ කොහේද ඉපදිලා, මේ මහපොලව එක්ක පොර බදලා, ඒ පුපුරපු බෝම්බ, පත්තු වෙච්ච වෙඩි සද්ද බලාගෙන ඉදලා, සිංහල ලේ පිරිච්ච මහා පුරුෂයෙක් අපේ රට බේරගන්න ඉදිරිපත් වුණා. ඔහු කිව්වා “මේ යුද්ධය මම තවත් ජෙනරාල්වරයෙක්ට පවරන්නෙ නැහැ“ කියල. සමහරු මේ වචන ටික එක කනකින් අහල අනිත් කනින් පිට කරද්දි, ඔහු සැලුනෙ නැහැ. ඔහු කෙලින් හිට ගත්තා. තමන්ගෙ ත්‍රිවිධ හමුදාවටම කොන්ද කෙලින් තියාගෙන හිටගන්න හැටි හරි හැටි කියල දුන්න. ඒ පෙරටුගාමී වීරයගෙ පිටිපස්සෙන් ගමන් කරල ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් අතුගාල දාන්න ඔහුට හැකි වුණා. 

අපේ රට ඒ තරම් වාසනාවන්ත වුණා. අපි අපේ ජීවිත බේර ගන්න තරම් වාසනාවන්ත වුණා. අපි ජයග්‍රහනය සැමරුවා. මුළු රටක් හිනා වෙද්දි, මුළු ලෝකෙම අපිට සුභ පැතුව. ලේ පූජ කරල, ජීවිත පූජ කරල අපෙන් වෙන්වුණ අපේ සොල්දාදුවන් අපි සිහිකළා. අපි හිතෙන් ඔවුන් ගැන ආඩම්බර වුණා. අපි ඔවුන්ගෙ පවුල්වල අයට ණය ගැති වුණා. සියළු හමුදා මෙහෙයවන්න තරම් දක්ෂ වෙච්ච අපේ යුධ වීරයා තමන්ගෙ බඩවැල් අතින් මිරිකගෙන දෙවෙනි ජීවිතය ලැබුවා. අපි ඔහුටත් ණය ගැති වුණා.

ත්‍රස්තවාදයට එරෙහිව සිදු කළ හැමදේම හොද විදිහට සිද්ධ වුණා. එතැනින් එහාට තමන්ට දිවි දුන් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට එතුමා ඉදිරිපත් වුණා. බලකාමයට රට පාවා දෙන, පවුල්වාදයට රට පාවා දෙන නින්දිත පිරිස් වහා ක්‍රියාත්මක වුණා. රටට සාමය උදා කරන්නට ශක්තියක් තිබුණු මහා පුරුෂයෙක් නින්දිත විදිහට සිරගත කළා. මහා සංග්‍රාමයක් අවසන් කරපු ශක්තිමත් අත් දෙකක් යකඩ මාංචු අතර සිර වුණා. වීරයන් නැති තැන සූකරයන් පිණුම් ගහන්න ගත්තා. ලක් මෑණියන්ට ත්‍රස්තවාදයෙන් තුරන් වෙලා හිනා වෙන්නට නොදී ඒ හිනාව හිරකරල විනාස කරල දාන්න තරම් ද්‍රෝහීන් කුරිරු වුණා.

මීට වසර තුනකට ඉහතදී, 2010 වසරේ පෙබරවාරි 08 වෙනිදා, නිදහසේ අරුණළු දැක්ක මාතෘ භූමියම කම්පා වුණා. දැහැමි සත්ගුණවත් නායකයෙක් නැති තැන, ජාතියේ මව අසරණ වුණා. නීතිය සදාතනිකව අදුරේ ගිලුණා. එදා රටක් බේරාගත්ත රත්තරන් අත් දෙකක් මලකඩ කාපු මාංචු අතර හිර වුණා. එදා ඉදන් හැමෝම සුසුම් හෙලුවා. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නිමා කරපු වීරයාටවත් ඒ නිදහස භුක්ති විදින්න ඉඩක් දුන්නෙ නැහැ. එවන් නින්දිත පාලනයක් සමග අපේ මිනිස්සු තාමත් ජීවත් වෙනවා. හීනියට හුස්ම ගන්නවා. පිටට ඇලිල තියෙන බඩ, තොල් දෙක වේලෙන්න තියෙන තිබහ, සාක්කුව පිරෙන්නෙ නැති මුදල් පසුම්බිය තියාගෙන අපේ මිනිස්සු තාමත් ජීවත් වෙනවා. 

ඒත් ඒ ජීවිත ඇතුලෙ හරි ප්‍රාණයක් නැහැ. එදා රට බේරගත්ත වීරයාට නිදහසක් නැති කරපු අවිනීතිය තාමත් ජීවත් වෙනවා. ඒවට විරුද්ධව තාම පන දෙන්න කවුරුත් නැහැ. ඒත් අපි දන්නවා ඔබ දැන් ශක්තිමත්. ඔබ දැන් ඉස්සරටත් වඩා ශක්තිමත්. මොකද මිනිස්සු හැමදාම බලන් ඉන්නෙ නැහැ. හැමෝම මහා රැල්ලක් වෙලා අසාධාරණය තියෙන තැන් විනාස කරනවා. එදාට අපි ඔබ තුමා සමග එකතු වෙලා මාතෘ භූමිය වෙනුවෙන් පෙල ගැහෙනවා. ඒ ශක්තියෙන් අපි නැවත නැවත ඔබතුමා සුභ පතනවා.

නීතිය පවුල් පාලනයට යටත් වූ ඒ දිනය නැවත සිහි කරගන්න වීඩියෝව බලන්න ...



© S F | Online Media.

Sunday, February 3, 2013

එදා DS, මෙදා SF !! - දිනූ නිදහස සම්බන්ධවයි....


එදා ඩී.එස් සේනානායක මැතිතුමා..
1948 වසරේ පෙබරවාරි මස 48වනදා ලක් මවට නිදහස ලබා දුන්නේය.

අපේ ජාතික නිදහ‍ස් සටනේ අසහාය සෙන්පතියෙකු වූ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විශිෂ්ට තම රාජ්‍ය පාලකයෙකු වශයෙන් කැපී පෙනුණු සැබෑ දේශප්‍රේමියෙක් හා අග්‍රගන්‍ය ජාති හිතෛෂීයෙකු වශයෙන් හැඳින්විය හැකිය.

1952 මාර්තු 22 වන දා පරලෝ සැපත් වූ එතුමා අපට කිසිසේත් අමතක කළ නො හැකි අන්දමේ මහා වීර පුරුෂයෙකු බව පැවසීම අතිශයෝක්තියක් නො වේ.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1930 රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පැවති මහා මැතිවරණයේ දී මිනුවන්ගොඩ ආසනය නියෝජනය කළ ඩී.එස්. සේනානායක මහතා කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපති පදවියට පත් විය.


පෞරාණික ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතියේ හා ශ්‍රී සමෘද්ධියේ නෂ්ටාවශේෂ බවට පත් ව තිබූ පැරණි කෘෂිකාර්මික ප්‍රදේශයන්හි සංචාරය කළ එතුමා වල් බිහි ව කැලෑ බවට පත් ව තිබූ එම ප්‍රදේශ යළිත් සරුසාර ගොවිබිම් බවට පත් කර ගැනීමට තිර අදිටනක් ඇති කර ගත්තේ ය. යථෝක්ත ප්‍රදේශයන්හි කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කළ යුතුයි, එතුමා යෝජනා කළ විට එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුව ඒ සඳහා මුදල් වැය කිරීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නො තිබුණි.


1932 දී එතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉඩම් සංවර්ධන පනත අනුව සියලු ම කැලෑ ඉඩම්වල අයිතිය රජය වෙත පවරා ගන්නා ලදී. ඉන්පසුව ඒ ඒ ප්‍රදේශවල ප්‍රවේණිගතව ජීවත් වු අයට ඉඩම් කැබලිකර බෙදා දීම සිදුවිය. ඉඩම් නොමැති දුප්පත් ජනතාවට ඉඩම් නොමිලේ ලබා දෙමින් ඉඩම් පිළිබඳ ව මේ රටේ ප්‍රථම වතාවට පෙරළියක් ඇති කරන ලද්දේ ඩී.එස්. සේනානායක මහතා නිසි බව පිළිගත යුතු ය. ඉඩම් බෙදා දීමත් සමඟ ම ඒවා එළිපෙහෙළි වෙමින් නගර, මං මාවත්, දුම්රිය මාර්ග ආදිය බිහිවෙන්නට විය. මේ අනුව අනුක්‍රමයෙන් ඇලහැර, බකමූණ, මිනිපේ සහ මින්නේරිය ආදී විශාල ගොවි ජනපදත් ගල් ඔය මහා ගොවි ජනපද ව්‍යාපාරත් ඇති විය. වසර සිය ගණන් මුළුල්ලේ නොසලකා හැර තිබී විනාශයට පත් වූ වැව් අමුණු ආදී වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරමින් පැරණි ජල මාර්ග යළි සකස් කරමින් ශ්‍රී විභූතිය යළිත් මේ රටේ ඇති කරනු පිණිස එතුමා අප්‍රතිහත ධෛර්යයෙන් හා දැඩි අධිෂ්ඨානයකින් යුතු ව කටයුතු කළේය.

ශත වර්ෂ ගණනාවකට පසු මේ රටේ වහල්භාවය නිමා කරමින් 1948 පෙබරවාරි 4 දින මේ ශ්‍රී ලංකා දීපයට නිදහස උදාකර දෙමින් අපගේ අභිමානවත් ජාතික කොඩිය ප්‍රථම වරට එසවීමේ භාග්‍ය උදා කරගත් මේ මහා සිංහලයා මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතා ය. උපන් බිම වහල් බවින් මුදා එක්සේසත් කොට බතින්බුලතින් සරුසාර කිරීම සඳහා තම මුළු මහත් ජීවිතය ම කැපකොට කටයුතු කළ ඩී.ඇස්. සේනානායක මැතිඳුන්ගේ යශෝ නාමය මේ හෙළ බිම පවත්නා තුරු ම නොමැකී පවතිනු ඇත.

මෙදා ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමා..
1948 වසරේ පෙබරවාරි මස 48වනදා ලක් මවට ලැබුණු නිදහස රුදුරු කොටි ත්‍රස්තවාදීන් නිසා නැවත අහිමි වූවේය. අප්‍රමාණ ජීවිත ත්‍රස්තවාදය හමුවේ විනාශ වෙද්දී ජාතියේ පිනට පහල වූයේ සෙන්පති සරත් ෆොන්සේකා මැතිතුමාය.


ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා 17 දෙසැම්බර 1950 වනදා ලක් මව්ගේ පහස ලැබීය.  ඔහු හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.


ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය. ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය. දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.


ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්විය., ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාපති ලෙසින්, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය 2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය. ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය. අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය.

2009 මැයි මස 19 දින දිනමිණ පුවත්පත

රණ දෙරණ රැකගත් මහ සෙන්පති
තම්බපන්නියම ඔබහට ණය ගැතිය
"වින්ද දරු දුක ලක්මව් සිරිමතිය සුන් කර ලූ පින පමණක් වුව ඇතිය සිංහ විලස පන මහවිරු සෙන්පතිය තම්බපන්නියම ඔබහට ණය ගැතිය"
-රත්න ශ්‍රී විජේසිංහ

ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ
"සිය පණ දෙවැනි කොට ගොඩබිම රකින්නේ මිනිසත්කමයි හදවත තුළ පිරෙන්නේ හැම නිවෙසකම අද සිහ දද නැගෙන්නේ ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ"
-අමර පී. වීරසිංහ

තවත් හමුදාපති කෙනකුට ත‍්‍රස්තවාදීන් සමඟ යුද්ධ කරන්න ඉඩ තබන්නේ නැතැයි 2008 වසරේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත් වූ සුහද හමුව අවස්ථාවේ ස්ථිර ප‍්‍රකාශයක් කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඉතා කෙටි කාලයක් තුළ එය ඉෂ්ඨ කර පෙන්වීමට තරම් දක්ෂ, නිර්භීත, අධිෂ්ඨානශීලි නායකයකු බව අද මේ වන විට සමස්ත ලෝක ජනතාව ඉදිරියේ ඔප්පු වී හමාරය. වසර 40කට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටි ඉතාමත් නිහඬ සේවයක් රට වෙනුවෙන් සිදුකළ මේ අභීත සෙන්පතියා දශක තුනකට ආසන්න කාලයක් මේ රට තුළ පැවැති කුරිරු ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කිරීමට කටයුතු කළ එහි නියමුවා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

ත‍්‍රස්තවාදීන්ට මෙම සෙන්පතියා හිසරදයක් බවට පත්වූයේ එතුමා යාපනය ආඥාපතිවරයා වශයෙන් පත්වීමටත් පෙර සිට ය. එකම බිම් අඟලක් හෝ ත‍්‍රස්තවාදීන්ට අත්පත් කර ගැනීමට ඉඩ නොදෙන්නේ ය යන ස්ථිර අධිෂ්ඨානය කිසිදු බලවේගයකට වෙනස් කළ නොහැකි වන පරිදි සිත තුළ දරාගෙන කි‍්‍රයා කළ සෙන්පති සරත් ෆොන්සේකා අවස්ථාවක් ලැබුණොත් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කර දමන්නේ ය යන අදහස සිත තුළ දරාගෙන කටයුතු කළේය.

උක්ත අදහස මල් ඵල ගන්වමින් එතුමා ලක් මෑණියන් ලෙයින් පෙගවූ මිනීමරු කොටි ත්‍රස්තවාදීන් හා සටන් කොට, තම ත්‍රිවිධ හමුදාවන් මෙහෙයවමින් රටේ ඒකීය බව තහවුරු කළේය. ඩී.එස් සේනානායක මහතා ශ්‍රී ලංකාවට 1948 වසරේ නිදහස ගෙන ඒමට කටයුතු කළා සේම, මව්බිමට දෙවන වර නිදහස ගෙන ඒමට කටයුතු කළේ සෙන්පති සරත් ෆොන්සේකා මහතාය.


ලක්මව ජීවත් කරවීමට, විවිධ සතුරු කරදරවලින් බේරා ගැනීමට තම දිවි පරදුවට තබමින් සටන් කළ දැයේ විරුවන් 56වන නිදහස සමරන මෙවන් දිනයක නැවත නැවත සිහිපත් කරමු. අප ඔවුනට ණය ගැති බව නැවත නැවත සිහිපත් කරමු.

© S F | Online Media.



Tuesday, January 29, 2013

සිහල මුස්ලිම් දමිල ජනයින් - සමගි කළ මිනිසා නුඹයි...


යුද්දෙ ඉවර වුණාට පස්සෙ අපේ රට අලුත් පිම්මකින් සංවර්ධනය කරා යායුතුව තිබුණත් පාලකයො ඒක කළේ නැහැ. කාලයක් පුරා අසමගියෙන් එකිනෙකාට බියෙන් සැකෙන් දුරස් වෙලා හිටිය සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව සමගි කළ යුතුව තියෙද්දි ආණ්ඩුව කළේ යුධ ජයග්‍රහණයට මුවා වෙලා මැතිවරණ තිය තියා බලය තහවුරු කර ගත්ත එකයි. මේ රටේ සියලු ධන සම්පත් මංකොල්ල කාපු එකයි විතරමයි. අවුරුදු තිහක් පුරා එකිනෙකාගෙන් ඈත් වුණ ජාතීන් අතර සමගිය ගොඩ නගන්න ආණ්ඩුව කිසිම පියවරක් ගත්තෙ නැහැ. මැතිවරණත් එක්ක මිනිස්සු තව තවත් පිල් වලට බෙදුනා. මේ තත්වය ඔබ නිවැරදිව වටහාගත්ත නිසා තමයි අපි හිතන විදිහට මේ රටට විශ්වාසනීය වෙනසක් ගේන්න ඔබ මුල පුරන්නේ. එතනදි එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, තව පක්ෂ ගණනාවකුත් සිවිල් සංවිධාන, මාධ්‍ය හා පුද්ගලයින් රැසක් ඔබ සමග හිටගන්නවා. ඒක සතුටට කාරණයක්.

මට මේ මොහොතේ මතකයට එනවා ඔබ කුරිරු එල්.ටී.ටී.ඊ මිනිස් බෝම්බයෙන් අනතුරට පත් වුණු වෙලාවේ හැමෝමඔබ මැරිලා ඇති කියල හිතල වාහනේ ලගටවත් නොයද්දි එළියට පැන්න බොකු බඩවැල් එක අතකින් තද කරගෙන අනෙක් අතින් වාහනේ දොර ඇරගෙන එළියට බැහැලා “මම මැරලි නැහැ. ඉක්මනට මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න“ කියල කියපු ඒ ඓතිහාසික අවස්ථාව. ඔබ සැබෑ වීරයෙක් බව පළමුවෙන්ම අපි වාගේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගියේ එදා තමයි. ඒ වීරියවන්තභාවය, ධෛර්යවන්තභාවය, මොනතරම් නම් ආශ්චර්යමත්ද? එහෙම් ඔබට අද මේ ආණ්ඩුව කරන නිග්‍රහයන් ගැන හිතල කිි ලෙසකින්වත් හිත කලකිරවා ගන්න නම් එපා. මේක තමයි සියල්ල නැසෙන සුළු මේ ලෝක ස්වාභාවය. මේ සියල්ලම කාලය විසින් විසදාවි. අපිට හොදට මතකයිනේ මේ රටේ අතීතයේ හිටිය සමහර නායකයින් නොසිතු විරු ලෙස මහ මග දිවංගත වුනු ආකාරය. ඒකාධිපතියන් හැමෝටම ඉතිහාසයේ උරුම වෙලා තියෙන්නෙ අතිශය දුක්ඛදායක ඉරණමක් තමයි. 

ආදරණීය ජෙනරල්, ඔබ සමහරවිට කියවලා ඇති නේද “අර්නස්ට් හෙමින්වේ“ ලියු “මහල්ලා සහ මුහුද“ නව කතාව. එහි එන හෙමින්වේගේ සුප්‍රකට කියමන. “මිනිසා විනාශ කළ හැකිය, එහෙත් ඔහු පරාජය කළ නොහැකිය“ යන්න ඔබ සම්බන්ධයෙන් මොනතරම් සත්‍යයක්ද? හිරගෙවල් දාහක දැම්මත් ඔබ තුළ තියෙන නොසැලෙන අධිෂ්ඨානය පරාජය කරන්න මේ ආණ්ඩුවේ නායකයො කාටවත් බැහැ කියල අපි දන්නවා. අපි එහෙම කියන්නෙ නිකන්ම නෙවේ. ඔබගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය මංකොල්ලකාල තියෙද්දිත් ඔබ පළ කළ නිර්භීතභාවය අපි කිහිපවරක්ම ඇස් දෙකෙන්ම දැක්ක නිසයි.

කාලෙකදි අපේ ලෝකෙ වීරයො වුණු සමහරු රාජපාක්ෂිකත්වය හමුවේ කොදු කඩාගන්න හැටි අපි හොදට දැකල අවබෝධකරගෙන තියෙනවා. ඒ වාගෙ බොරු කාරයෝ දහසක් අතර ඔබ සැබෑ වීරයෙක් බව අපි කියන්නෙ ඉමහත් සතුටින් යුතුව. ඒ ගැන හිතල ඔබගේ ආදරණීය බිරිදටත් දරු දෙදෙනාටත් නිහතමානීව ආඩම්බර වෙන්න පුලුවන් කියල අපි විශ්වාස කරනවා. හැබැයි අර තමන් ජාතියේ ආඩම්බරකාර තාත්ත කියල හිතාගෙන ඉන්න පුහු වීරයින්ටවත් එයාලගෙ දරුවන්ටවත් සැබෑවට එහෙම ආඩම්බර වෙන්න කවදාවත්ම බැහැ ජෙනරල්.

ලිවිය යුතු කරුණු තව බොහෝ වෙතත් කොහොම හර් මේ ලියුම දිග වැඩි වුණාදෝ කියලත් මට හිතෙනවා ජෙනරල්. ආදරණීය බිරිද, ඒ දිරිය ගැහැණිය අනෝමා ෆොන්සේකා ගැනත් යමක් මෙහි නොලීම ගුණධර්ම විරෝධීකාරියක් යයි මගේ හිත වේදනාවට පත් කරනවා. ඇගේ දිරිමත් බව නොවන්නට ශ්‍රී ලාංකේය සමාජය සමහරවිට මේ වන විට සියල්ල අතහැරලා, ඔබගේ බිරිද සැබෑ ධෛර්ය සම්පන්නයි. සමහර අවස්ථාවල එය අපේ සමාජයේ බුහුමනට ලක්වෙලා සාමාන්‍ය ගැහැණියක් ලෙස ඇය අපගේ ලාංකේය සමාජයේ ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට සපයා දෙන ධෛර්යය හා ආදර්ශය අනෙකකු ඊර්ෂ්‍යාවට පත් කරවන තරමට ප්‍රබලයි ජෙනරල්. එවන් උදාර ගැහැණියක බිරිද ලෙස ලැබීමට ඔබත් එවන් මවකගේ කුසින් උපන් ඔබගේ ආදරණීය දරු දෙදෙනාත් පෙර පින් කොට ඇතැයි මම විශ්වාස කරනවා. 

ඉතිං අපගේ ආදරණීය ජෙනරල් ඔබ වෙනුවෙන් යුක්තිය ඉටුවන දවස අත ලගමයි පවසන්නට තරම් මම ඉක්මන් නොවෙමි. කූඨ යුධාධිකරණය වැන තව දහසකුත් එකක් සිවිල් අධිකරණ ඔබට එරෙහිව මේ කෘෘර ආඥාදායකයා වෙනුවෙන් තීන්දු නොදෙනු ඇතැයි මම නම් හීනෙකින්වත් හිතන්නෙ නැහැ. එහෙත් කවදා හෝ සත්‍යය ජයග්‍රහණය කරාවිය යන ප්‍රබල විශ්වාසයෙන් යුතුව මම වගේ තව ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාවක් දෑගිලි ගනිමින් සිටින බව ඹබට පැවසිය යුතුව ඇත.

මේ තීරණාත්මක නිමේෂයේ අප අබිමුව ඇත්තේ වීරෝදාර, උත්කෘෂ්ට මනුෂ්‍යකු වන ඔබ වෙනුවෙන් නිදුක් නීරෝගී සුවයත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කිරීම පමණි. එතෙකුදු වුවත් අපගේ සිත් පතුලේ කැකෑරෙන තවත් එක් ප්‍රාර්ථනාවක්ද ඇත්තේය. එනම් තම කතිරයේ බලය නිවැරදිව භාවිත කොට තම තමුන් බත් කන සම්බුද්ධික සවිඥානික මිනිසුන් මිස තුනෙන් දෙකක් ලබා දී වදුරාට දැලිපිහිය දීමට තරම් ගොනුන් නොවන බව පෙන්වීමට අපොහොසත් වූ මේ බිමේ ජනතාවට තම තමන්ගේ හෘද සාක්ෂිය යලි අත පත ගා බැලීමට අවශ්‍යය. අයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ඉක්මනින්ම පහළ වේවා යන්නයි.

බලන්න අණඹර පිපෙනා ඉර මල
අලුත්ම දවසක ප්‍රභාවයයි
හමා එන්නේ නැවුම් සුළගක
පාව එන නව ජීවයයි
දනන් හදවත රැදී තෙරපෙන
මේ බිමේ නව ප්‍රාණයයි

මව්බිම වෙනුවෙන් මැරී ඉපදුණු
දිරිය මිනිසා නුඹ තමයි
අලුත් රටකට අලුත් සිතකින්
හුස්ම දුන් මිනිසා නුඹයි

පටුම පටු අදහස් පවුරු බිද
නැවුම් සිතුවිලි රැගෙන ආ නුඹ
මෙපින් බිම ජය ටැඹ නගින දින
සිනාසෙන්නේ ලෝකයයි

දනන් හදවත රැදී තෙරපෙන
මේ බිමේ නව ප්‍රාණයයි
සිහල මුස්ලිම් දමිල ජනයින්
සමගි කළ මිනිසා නුඹයි...


-මතු සබැදි

ඉටු කොට කළ යුතු යුතුකම් -  ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම් - නුඹයි දැයේ පුතා උතුම්

දැයේ විරුවෙකුගේ ගමන් මග අමතක ජනතාව යලි අවදිකරවා ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවාලීමට, 
සිරගත නොවූ සිතුවිලි
© S F | Online Media.

Friday, January 25, 2013

කුමක් කෙසේ සැගවූවද සත්‍යය සැගවිය නොහැක...


මේ මතුවන්නේ රාජපක්ෂ රෙජීමය 2010 දී “ජෙනරාල්”ගේ ජයග්‍රහණය කොල්ල කෑ බවට සාක්ෂිද..?


පසුගිය 2010 ජනාධිපතිවරණය වත්මන් රාජපක්ෂ රෙජීමය පාලනය විසින් කොල්ල කෑ බවට යළි සැකයක් මතුකරවන සාක්ෂි ඊට වසර 03 කට ආසන්න වන විටත් ලැබෙමින් පැවතීම මේ වන වන දුර්දාන්ත පාලනයකට ගමන් කරමින් සිටින රාජපක්ෂ පාලනය මුහුණ දෙන දෛවයේ සරදමක් බවත් පත්ව තිබේ.

ඒ පසුගිය ජනාධිපතිවර‍ණයේදී භාවිත කළ බවට සැක කෙරෙන ඡන්ද පත්‍රිකා තොගයක් ඊයේ(24) නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයෙන් සොයා ගැනීමත් සමඟය. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන මහා විද්‍යාලය ආසන්නයේ තිබී මෙම ඡන්ද පත්‍රිකා තොගය සොයාගෙන තිබුණි.

2010 ජනාධිපතිවරණය – නුවරඑළිය දිස්ත්‍රික්කට යනුවෙන් මෙම ඡන්ද පත්‍රිකාවල සටහන්ව තිබූ අතර, ඒවායේ පැහැදිලිව “හංසයා” ලකුණට වලංගු ඡන්ද සටහන් කර තිබීම ඉතා සුවිශේෂීය. මේ අතර නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයෙන් සොයා ගත් ඡන්ද පත්‍රිකා තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.




© S F | Online Media.

ජනතා අපේක්ෂාව උදුරාගත් රජයකට, ප්‍රජාතන්ත්‍රවාදය රැකිය හැකිද?
කිණිහිරය - තැලෙන පොඩිවන ජනතාවගේ ප්‍රජා අයිතිය වෙනුවෙන් !!