Like us

Monday, June 24, 2013

මරාගෙන මැරෙන බෝම්බ කෑ ෆොන්සේකාට සිතාසි: පුපුරණ ද්‍රව්‍ය ගෙනා කේපීට කාසි------




මැදමූලන නීතිය: මරාගෙන මැරෙන බෝම්බ කෑ ෆොන්සේකාට සිතාසි: පුපුරණ ද්‍රව්‍ය ගෙනා කේපීට කාසි------

(ලංකා ඊ නිව්ස් -2013.ජුනි.24, ප.ව.3.30) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඉතා අසීරුවෙන් ජීවිතය බේරා ගත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට සාක්කි දීමට පැමිණියේ නැතැයි කියා අද (24) සිතාසි නිකුත් කළේය.

ලබන සැප්තැම්බර් 23 වන දා පැමිණිල්ලේ සාක්ෂි ලබාදෙන ලෙස දන්වා මෙලෙස සිතාසි නිකුත් කෙළේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ විසිනි. 2006 වසරේ යුධ හමුදා මූලස්ථානය තුළ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කිරීමේ නඩුව අද (24) යළි විභාගයට ගැණින.

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තුන්දෙනෙකුට අධිචෝදනා 203 ක් යටතේ නඩු පවරා ඇති අතර සාක්ෂිකරුවන් සංඛ්‍යාව 105 කි. අද (24) සාක්ෂි ලබාදෙන්නැයි සරත් ෆොන්සේකාට සිතාසි නිකුත් කර තිබුණත් ඔහු පෙනී සිටියේ නැත.

බෝම්බ කෑවේ සරත් ෆොන්සේකාය. බෝම්බයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ලංකාවට ගෙනාවේ කේ.පී.හෙවත් කුමරන් පද්මනාදන්ය. එල්ටීටීඊය හමුදා ප්‍රධානියාට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන ලෝකයාට කීවේ එකළ එල්ටීටීඊ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් ය. සරත් ෆොන්සේකාට සිතාසි එවා ඇත. කේපීට සහ දයා මාස්ටර්ට හෙනයක් වත් නැත.

දයා මාස්ටර් එජනිසයෙන් උතුරු පළාත් සභා මහ ඇමැති කමට ඉල්ලීම සඳහා සම්මුඛ පරීක‍ෂනයකට පැමිණ ශ්‍රීලනිපයට බැඳීමට ශ්‍රිලනිප ලේකම් වෙත ඉල්ලූම් පතක් ඉදිරිපත් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණ.

කේපීට රාජ්‍ය නොවන සංවිධානයක් හදා ගැනීමට ආණ්ඩුවෙන් කෝටි ගණනක් මුදල්ද සපයා ඇත.

No comments:

Post a Comment