Like us

Tuesday, January 29, 2013

සිහල මුස්ලිම් දමිල ජනයින් - සමගි කළ මිනිසා නුඹයි...


යුද්දෙ ඉවර වුණාට පස්සෙ අපේ රට අලුත් පිම්මකින් සංවර්ධනය කරා යායුතුව තිබුණත් පාලකයො ඒක කළේ නැහැ. කාලයක් පුරා අසමගියෙන් එකිනෙකාට බියෙන් සැකෙන් දුරස් වෙලා හිටිය සිංහල, දෙමල, මුස්ලිම් ජනතාව සමගි කළ යුතුව තියෙද්දි ආණ්ඩුව කළේ යුධ ජයග්‍රහණයට මුවා වෙලා මැතිවරණ තිය තියා බලය තහවුරු කර ගත්ත එකයි. මේ රටේ සියලු ධන සම්පත් මංකොල්ල කාපු එකයි විතරමයි. අවුරුදු තිහක් පුරා එකිනෙකාගෙන් ඈත් වුණ ජාතීන් අතර සමගිය ගොඩ නගන්න ආණ්ඩුව කිසිම පියවරක් ගත්තෙ නැහැ. මැතිවරණත් එක්ක මිනිස්සු තව තවත් පිල් වලට බෙදුනා. මේ තත්වය ඔබ නිවැරදිව වටහාගත්ත නිසා තමයි අපි හිතන විදිහට මේ රටට විශ්වාසනීය වෙනසක් ගේන්න ඔබ මුල පුරන්නේ. එතනදි එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත්, තව පක්ෂ ගණනාවකුත් සිවිල් සංවිධාන, මාධ්‍ය හා පුද්ගලයින් රැසක් ඔබ සමග හිටගන්නවා. ඒක සතුටට කාරණයක්.

මට මේ මොහොතේ මතකයට එනවා ඔබ කුරිරු එල්.ටී.ටී.ඊ මිනිස් බෝම්බයෙන් අනතුරට පත් වුණු වෙලාවේ හැමෝමඔබ මැරිලා ඇති කියල හිතල වාහනේ ලගටවත් නොයද්දි එළියට පැන්න බොකු බඩවැල් එක අතකින් තද කරගෙන අනෙක් අතින් වාහනේ දොර ඇරගෙන එළියට බැහැලා “මම මැරලි නැහැ. ඉක්මනට මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න“ කියල කියපු ඒ ඓතිහාසික අවස්ථාව. ඔබ සැබෑ වීරයෙක් බව පළමුවෙන්ම අපි වාගේ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගියේ එදා තමයි. ඒ වීරියවන්තභාවය, ධෛර්යවන්තභාවය, මොනතරම් නම් ආශ්චර්යමත්ද? එහෙම් ඔබට අද මේ ආණ්ඩුව කරන නිග්‍රහයන් ගැන හිතල කිි ලෙසකින්වත් හිත කලකිරවා ගන්න නම් එපා. මේක තමයි සියල්ල නැසෙන සුළු මේ ලෝක ස්වාභාවය. මේ සියල්ලම කාලය විසින් විසදාවි. අපිට හොදට මතකයිනේ මේ රටේ අතීතයේ හිටිය සමහර නායකයින් නොසිතු විරු ලෙස මහ මග දිවංගත වුනු ආකාරය. ඒකාධිපතියන් හැමෝටම ඉතිහාසයේ උරුම වෙලා තියෙන්නෙ අතිශය දුක්ඛදායක ඉරණමක් තමයි. 

ආදරණීය ජෙනරල්, ඔබ සමහරවිට කියවලා ඇති නේද “අර්නස්ට් හෙමින්වේ“ ලියු “මහල්ලා සහ මුහුද“ නව කතාව. එහි එන හෙමින්වේගේ සුප්‍රකට කියමන. “මිනිසා විනාශ කළ හැකිය, එහෙත් ඔහු පරාජය කළ නොහැකිය“ යන්න ඔබ සම්බන්ධයෙන් මොනතරම් සත්‍යයක්ද? හිරගෙවල් දාහක දැම්මත් ඔබ තුළ තියෙන නොසැලෙන අධිෂ්ඨානය පරාජය කරන්න මේ ආණ්ඩුවේ නායකයො කාටවත් බැහැ කියල අපි දන්නවා. අපි එහෙම කියන්නෙ නිකන්ම නෙවේ. ඔබගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය මංකොල්ලකාල තියෙද්දිත් ඔබ පළ කළ නිර්භීතභාවය අපි කිහිපවරක්ම ඇස් දෙකෙන්ම දැක්ක නිසයි.

කාලෙකදි අපේ ලෝකෙ වීරයො වුණු සමහරු රාජපාක්ෂිකත්වය හමුවේ කොදු කඩාගන්න හැටි අපි හොදට දැකල අවබෝධකරගෙන තියෙනවා. ඒ වාගෙ බොරු කාරයෝ දහසක් අතර ඔබ සැබෑ වීරයෙක් බව අපි කියන්නෙ ඉමහත් සතුටින් යුතුව. ඒ ගැන හිතල ඔබගේ ආදරණීය බිරිදටත් දරු දෙදෙනාටත් නිහතමානීව ආඩම්බර වෙන්න පුලුවන් කියල අපි විශ්වාස කරනවා. හැබැයි අර තමන් ජාතියේ ආඩම්බරකාර තාත්ත කියල හිතාගෙන ඉන්න පුහු වීරයින්ටවත් එයාලගෙ දරුවන්ටවත් සැබෑවට එහෙම ආඩම්බර වෙන්න කවදාවත්ම බැහැ ජෙනරල්.

ලිවිය යුතු කරුණු තව බොහෝ වෙතත් කොහොම හර් මේ ලියුම දිග වැඩි වුණාදෝ කියලත් මට හිතෙනවා ජෙනරල්. ආදරණීය බිරිද, ඒ දිරිය ගැහැණිය අනෝමා ෆොන්සේකා ගැනත් යමක් මෙහි නොලීම ගුණධර්ම විරෝධීකාරියක් යයි මගේ හිත වේදනාවට පත් කරනවා. ඇගේ දිරිමත් බව නොවන්නට ශ්‍රී ලාංකේය සමාජය සමහරවිට මේ වන විට සියල්ල අතහැරලා, ඔබගේ බිරිද සැබෑ ධෛර්ය සම්පන්නයි. සමහර අවස්ථාවල එය අපේ සමාජයේ බුහුමනට ලක්වෙලා සාමාන්‍ය ගැහැණියක් ලෙස ඇය අපගේ ලාංකේය සමාජයේ ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට සපයා දෙන ධෛර්යය හා ආදර්ශය අනෙකකු ඊර්ෂ්‍යාවට පත් කරවන තරමට ප්‍රබලයි ජෙනරල්. එවන් උදාර ගැහැණියක බිරිද ලෙස ලැබීමට ඔබත් එවන් මවකගේ කුසින් උපන් ඔබගේ ආදරණීය දරු දෙදෙනාත් පෙර පින් කොට ඇතැයි මම විශ්වාස කරනවා. 

ඉතිං අපගේ ආදරණීය ජෙනරල් ඔබ වෙනුවෙන් යුක්තිය ඉටුවන දවස අත ලගමයි පවසන්නට තරම් මම ඉක්මන් නොවෙමි. කූඨ යුධාධිකරණය වැන තව දහසකුත් එකක් සිවිල් අධිකරණ ඔබට එරෙහිව මේ කෘෘර ආඥාදායකයා වෙනුවෙන් තීන්දු නොදෙනු ඇතැයි මම නම් හීනෙකින්වත් හිතන්නෙ නැහැ. එහෙත් කවදා හෝ සත්‍යය ජයග්‍රහණය කරාවිය යන ප්‍රබල විශ්වාසයෙන් යුතුව මම වගේ තව ලක්ෂ සංඛ්‍යාත ජන ගංගාවක් දෑගිලි ගනිමින් සිටින බව ඹබට පැවසිය යුතුව ඇත.

මේ තීරණාත්මක නිමේෂයේ අප අබිමුව ඇත්තේ වීරෝදාර, උත්කෘෂ්ට මනුෂ්‍යකු වන ඔබ වෙනුවෙන් නිදුක් නීරෝගී සුවයත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කිරීම පමණි. එතෙකුදු වුවත් අපගේ සිත් පතුලේ කැකෑරෙන තවත් එක් ප්‍රාර්ථනාවක්ද ඇත්තේය. එනම් තම කතිරයේ බලය නිවැරදිව භාවිත කොට තම තමුන් බත් කන සම්බුද්ධික සවිඥානික මිනිසුන් මිස තුනෙන් දෙකක් ලබා දී වදුරාට දැලිපිහිය දීමට තරම් ගොනුන් නොවන බව පෙන්වීමට අපොහොසත් වූ මේ බිමේ ජනතාවට තම තමන්ගේ හෘද සාක්ෂිය යලි අත පත ගා බැලීමට අවශ්‍යය. අයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ඉක්මනින්ම පහළ වේවා යන්නයි.

බලන්න අණඹර පිපෙනා ඉර මල
අලුත්ම දවසක ප්‍රභාවයයි
හමා එන්නේ නැවුම් සුළගක
පාව එන නව ජීවයයි
දනන් හදවත රැදී තෙරපෙන
මේ බිමේ නව ප්‍රාණයයි

මව්බිම වෙනුවෙන් මැරී ඉපදුණු
දිරිය මිනිසා නුඹ තමයි
අලුත් රටකට අලුත් සිතකින්
හුස්ම දුන් මිනිසා නුඹයි

පටුම පටු අදහස් පවුරු බිද
නැවුම් සිතුවිලි රැගෙන ආ නුඹ
මෙපින් බිම ජය ටැඹ නගින දින
සිනාසෙන්නේ ලෝකයයි

දනන් හදවත රැදී තෙරපෙන
මේ බිමේ නව ප්‍රාණයයි
සිහල මුස්ලිම් දමිල ජනයින්
සමගි කළ මිනිසා නුඹයි...


-මතු සබැදි

ඉටු කොට කළ යුතු යුතුකම් -  ලැබුණත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම් - නුඹයි දැයේ පුතා උතුම්

දැයේ විරුවෙකුගේ ගමන් මග අමතක ජනතාව යලි අවදිකරවා ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවාලීමට, 
සිරගත නොවූ සිතුවිලි
© S F | Online Media.

Friday, January 25, 2013

කුමක් කෙසේ සැගවූවද සත්‍යය සැගවිය නොහැක...


මේ මතුවන්නේ රාජපක්ෂ රෙජීමය 2010 දී “ජෙනරාල්”ගේ ජයග්‍රහණය කොල්ල කෑ බවට සාක්ෂිද..?


පසුගිය 2010 ජනාධිපතිවරණය වත්මන් රාජපක්ෂ රෙජීමය පාලනය විසින් කොල්ල කෑ බවට යළි සැකයක් මතුකරවන සාක්ෂි ඊට වසර 03 කට ආසන්න වන විටත් ලැබෙමින් පැවතීම මේ වන වන දුර්දාන්ත පාලනයකට ගමන් කරමින් සිටින රාජපක්ෂ පාලනය මුහුණ දෙන දෛවයේ සරදමක් බවත් පත්ව තිබේ.

ඒ පසුගිය ජනාධිපතිවර‍ණයේදී භාවිත කළ බවට සැක කෙරෙන ඡන්ද පත්‍රිකා තොගයක් ඊයේ(24) නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයෙන් සොයා ගැනීමත් සමඟය. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන මහා විද්‍යාලය ආසන්නයේ තිබී මෙම ඡන්ද පත්‍රිකා තොගය සොයාගෙන තිබුණි.

2010 ජනාධිපතිවරණය – නුවරඑළිය දිස්ත්‍රික්කට යනුවෙන් මෙම ඡන්ද පත්‍රිකාවල සටහන්ව තිබූ අතර, ඒවායේ පැහැදිලිව “හංසයා” ලකුණට වලංගු ඡන්ද සටහන් කර තිබීම ඉතා සුවිශේෂීය. මේ අතර නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයෙන් සොයා ගත් ඡන්ද පත්‍රිකා තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.




© S F | Online Media.

ජනතා අපේක්ෂාව උදුරාගත් රජයකට, ප්‍රජාතන්ත්‍රවාදය රැකිය හැකිද?
කිණිහිරය - තැලෙන පොඩිවන ජනතාවගේ ප්‍රජා අයිතිය වෙනුවෙන් !!

Wednesday, January 23, 2013

ජයග්‍රහණයට පියවරු ගොඩයි, පරාජය අවජාතකයි



ආදරණීය ජෙනරාල්, සරත් ෆොන්සේකා විරුවාණෙනි,

ඉතිං කොහොමද, ජෙනරාල්,

ඔබ වීර සොල්දාදුවෙක්. අපේ ආදරණීය මව්බිම කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට දිවිහිමියෙන් සටන් කළ වීර සෙබළා ඔබ බව කවුරු කොහොම කිව්වත් මේ රටේ ආදරණීය මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ හදවත්වල ගැඹුරින්ම සටහන්ව තිබෙන බව බොරු කළ නොහැකි සත්‍යයක්. එනමුත් කුරිරු ඒකාධිපතියකුගේත් ඔහුගේ කුරිරු සහෝදර හා පුත්‍ර සමාගමේත් දහසකුත් එකක් තර්ජන හමුවේ එය වසන් කරගෙන සිටිනවා විනා හෙළිදරව් කළ නොහැකි තරමට ඔවුන් අසරණව සිටින බව ඔබද දන්නවා ඇතැයි සිතමි.

අපගේ ආදරණීය මව්බිම ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් ඔබ මුදවා ගත් නමුදු පසුගිය ජනවාරි 26 වෙනිදා මේ කෘෘර ආඥාදායකයාගෙන් මව්බිම මුදා ගැනීමේ දෙවෙනි මෙහෙයුමට ඔබ මුහුණ දී ජයග්‍රහණය කළ බව මේ බිමේ සත්‍යය අගය කරන සියලු මිනිසුන් විසින් පිළගනු ලැබුවද ඒකාධිපති සහෝදර සමාගම විසින් එම ජයග්‍රහණය නිර්ලජ්ජිත ලෙස කොල්ලකා ගත් බව අද වනවිට බොහෝ දෙනෙකුට අමතකව තිබීම කිසියම් ඛේදවාචකයක් වුවත් ඒ පිළිබදව ඔබ මොහොතක්වත් කණගාටු වෙන්න එපා. ඒ අපේ රටේ බහුතරයක් මහජනතාවගේ හැටිය. ඔවුන්ට ඕනෑම දෙයක් ටික දිනකින් අමතකව යයි. අර කතාවක් තියෙනවනේ යකාගෙ හැටියට විමානෙ කියලා. ඒවාගෙ මිනිසුන් ඉන්න රටකට ඒ විදිහෙ පාලකයෝ තමයි ලැබෙන්නේ.

කුරිරු ඒකාධිපතියා විසින් ඔබගේ හමුදා ජෙනරාල් පට්ටම අහෝසි කරනු ලැබුවත් ශ්‍රී ලාංකේය මහජනතාව වන අපගේ මුවින් ජෙනරාල් නැමැති ආමන්ත්‍රණය එසේ ආවාට ගියාට ආපසු ගත නොහැකි සදාකාලික ආදරණීය ආමන්ත්‍රණයක්. බරපතල වැඩ ඇතිව වසර දෙක හමාරක් සිරගත කළ ඔබ වෙනුවෙන් මේ මොහොතේ අපේ මුළු මහත් ශ්‍රී ලාංකේය ජාතියේම ආදරණීය බුහුමන ඔබ වෙත සැළකර සිටින්නට මට අවසරයි. අපි දන්නා තරමින් කිසිදු වරදක් නොකළ ඔබ මේ දුෂඨ කුරිරු ඒකාධිපති ආණ්ඩුවේ කිරිරු වද බන්ධනවලට ලක්ව අද වැලිකඩ බන්ධනාගාරයේ අදුරු කුටියක සිරගතව සිටියද කවදාහරි මතු දවසක ඔබට මේ රටේ ජනතාවගෙන් නැවත යුක්තිය ඉටුවන බව මට නම් නැසැකවම සහතිකයි. මේ යන විදියට ඒ දවස වැඩි ඈතකද නොවිය හැකියි. එසේ වුවත් යුක්තිය හා සාධාරණය අගයන බහුතර ශ්‍රී ලාංකීය ජනතාව ලෙස අප තවමත් මේ බරපතල අපරාධය හමුවේ කිසිත් කරකියාගත නොහැකිව නිහඩව සිටීම පිළිබදව මම ඔබගෙන් යළි යළිත් සමාව ඇයද සිටිනවා.

ආදරණීය ජෙනරල්, මේ අපි කවුරුත් උපන්න අපි කවුරුත් මිය යන රට. ඔබගේ රක්ත වරණ රුධිරයෙන් මේ ආදරණීය මාතෘ භූමිය තෙත්වෙද්දි ඔබ උත්සහ කළේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙක්ටම බියෙන් සැකෙන් තොරව ගත කරන්න පුලුවන් අවස්ථාවක් උදා කරලා දෙන්නටයි. ආරක්ෂක හමුදාවල ඉන්න අපේ වීරෝධාර රණ විරුවන්ගෙ අනන්ත අපරිමාණ කැපකිරීම් වලට පින් සිද්ධ වෙන්න ඔබට පුලුවන් වුනා ඒ කෘෘර මිනිමරු ප්‍රභාකරන්ගෙන් මේ රට මුදාගන්න නායකත්වයක් දෙන්න.

ඒ සදහා ඔබත් අපේ වීර රණවිරුවනුත් කළ කැපකිරීම් කොපමණද කියල මේ බිමේ සිටින සමහරු තවමත් නිවැරදිව දන්නවාද කියල මට නම් තාමත් සැකයි. කුසට හරිහමන් අහරක් නැතිව නෙතට නින්දක් නැතිව කුරිරු ත්‍රස්තවාදයෙන් බැටකමින් අපේ වීර සොල්දාදුවන් කළ කැප කිරීමෙන් එක කළදක්වත් ඊනියා දේශප්‍රේමීත්වයෙන් වේදිකා ගානෙ පපුවට ගහ ගත්ත අපේ රටේ නායක ආඩම්බරකාරයාවත් එයාගෙ සහෝදර සමාගමවත් එයාගෙ වටේ ඉන්න හැටහුටහමාරක් ඇමති මණ්ඩලයවත් කිසිම මොහොතක කැප කළේ නැහැ කියල අපි නම් දන්නවා. ඒත් ජෙනරල්, මේවා අපේ රටේ මහජනතාව තවම හරියට දන්නෙ නැහැ කියලයි මට නම් හිතෙන්නෙ.

රටේ මහජනතාව මේ දේවල් හරියට දන්නවා නම් මේ රට තවම මෙහෙම තියෙන්නෙ නැහැ. එදා මරාගෙන මැරෙන බෝම්බකාරිය ඔබව සොයාගෙන නාවා නම් හරි ඒ බෝම්බෙන් ඔබ මැරුණා නම් හරි මේ දේවල් මීට වඩා බොහොම වෙනස් විදිහටයි සිද්ධ වෙන්න තිබුණෙ. ඔබට වුණත් බොහෝ දේවල් හරියටම අදුනගන්න හැකි වුණේ එදා ඒ බෝම්බෙන් මැරී ඉපදුණාට පස්සෙ කියලයි මට නම් අවංකවම හිතෙන්නෙ. ඔබ ගොඩක් දේවල් එයින් පස්සෙ තේරුම් අරගත්තා කියල මම විශ්වාස කරනවා.

කවුද රට වෙනුවෙන් සැබෑ කැපකිරීම් කරන්නෙ. කවුද බොරු කාරයො. යුද්ධය සිදුවෙද්දි ඒවාට මුවා වෙලා දුෂණ කරන්නෙ කවුද? කොමිස් ගහන්නෙ කවුද? සැබෑ දේශප්‍රේමයයි, බොරු දේශ ප්‍රේමයයි අතර තියෙන වෙනස මොනවාගෙද? මේ වාගෙ තව බොහෝ දේවල් ඔබට තේරුම් ගන්න පුලුවන් වුණාට පස්සෙ තමයි ඔබට හැකිවුනේ යුද්ධය දිනන දිසාවට අපගේ හමුදාව මෙහෙයවන්න. අලුත් සැලසුම් හදන්න ඔබට ඊට පසුව පුලුවන් වුණා. මේ දේවල් සිදුවුණේ රටේ නායකයො නොදැන, නායකයො ගොඩක් දේවල් දැන හිටියෙ නැහැ. හැබැයි අද වෙනකොට මෙනවා කළත් ගෝඨාභය ඒ කාළෙ ඔබට අවහිර කළේ නැහැ මේ දේවල් වලට කියල අපි හිතනවා. සමහර වෙලාවට බලවතුන් නම් ආරක්ෂක මණ්ඩලයේදි ඔබගේ කකුලෙන් ඇද්දා කියල අපි දන්නවා. යුද්ධය නතර කරලා සාකච්ඡා කරමු කියලමයි එයාල හැමදාම කිව්වේ. ඔබගේ කටේ බලයෙන් තමයි යුද්ධය ඉස්සරහට ගෙනිච්චෙ. හැබැයි ඒ වෙලාවෙ ජනතා විමුක්ති පෙරමුණ නම් ඔබට සහය පළ කළා. එයාලවත් නොහිටිය නම් ආඩම්බරකාර තාත්තා යුද්දෙ නවත්තන්න ඔබට බල කරනවා. කොහොම හරි අන්තිමට අපි ජයග්‍රහණය කළා. ඊට පස්සෙ ජයග්‍රහණයට පියවරු ගොඩක් හිටියා. බැරිවෙලා හරි ඒ යුද්ධය පැරදුනා නම් සේරම යන්නෙ ඔබේ කර පිටින්. අර කතාවකුත් තියෙන්නේ “ජයග්‍රහණයට පියවරු ගොඩයි, පරාජය අවජාතකයි“ කියලා.

-මතු සබැදි

ජාතිය රන් විමනක් වේ - ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ - සමත් වෙතොත් පුත නුඹ වේ

දැයේ විරුවෙකුගේ ගමන් මග අමතක ජනතාව යලි අවදිකරවා ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවාලීමට, 
සිරගත නොවූ සිතුවිලි
© S F | Online Media.

Tuesday, January 22, 2013

සිරගත නොවූ සිතුවිලි.




මේ දූෂිත පවුල් සමාගමේ ඒකාධිපති පාලනය මුලිනුපුටා දමා මේ රටට යළි ප්‍රජාතන්ත්‍රවාදය දිනා දී යහපාලනය ඇති කිරීමට සියල්ලන්ගේම සහයෝගයෙන් අප ගෙන යන අරගලය නතර කිරීමට තව සිරගෙවල් දහසක සිර කළත් කිසිවෙකුට පුළුවන්කමක් නැහැ. ප්‍රභාකරන්ගේ වියරු ත්‍රස්තවාදය පරාජය කිරීමට මා තුළ තිබූ අධිෂ්ඨානයටත් වඩා සිය දහස් ගුණයක අධිෂ්ඨානයක් දැන් මා තුළ තියෙනවා. තව වැඩිකල් නොයා මේ සිරගෙදර මට නියම කොට ඇති දඩුවම සම්පූර්ණයෙන් ගෙවා දමා හෝ එපමණක් නොවෙයි, තව මට නඩු ගණනාවක් පටවලා තියෙනවා. එහෙමත් නැත්නම් තවත් යුද්ධ අධිකරණ දැම්මත්, ඊනියා නඩු තීන්දු දුන්නත්, මාව තව අවුරුදු ගාණකට හිරේ දැම්මත් ඒවා සියල්ල ඉවර වෙලා කවදා හරි නැවත නිදහස් වෙලා ඇවිල්ල මම මේ රටට විශ්වාසනීය වෙනසක් ගෙනල්ල මේ රට මුදවා ගැනීමට කටයුතු කරන බව නැවත නැවතත් ඔබ හමුවේ සපථ කිරීමට මේ මොහොතේ මම කැමතියි.

- ජෙනරාල් සරත් ෆොන්සේකා
© S F | Online Media.

උපුටා ගැනීම “සිරගත නොවූ සිතුවිලි ග්‍රන්ථයේ" කවරයේ පසුපිට