Like us

Friday, January 25, 2013

කුමක් කෙසේ සැගවූවද සත්‍යය සැගවිය නොහැක...


මේ මතුවන්නේ රාජපක්ෂ රෙජීමය 2010 දී “ජෙනරාල්”ගේ ජයග්‍රහණය කොල්ල කෑ බවට සාක්ෂිද..?


පසුගිය 2010 ජනාධිපතිවරණය වත්මන් රාජපක්ෂ රෙජීමය පාලනය විසින් කොල්ල කෑ බවට යළි සැකයක් මතුකරවන සාක්ෂි ඊට වසර 03 කට ආසන්න වන විටත් ලැබෙමින් පැවතීම මේ වන වන දුර්දාන්ත පාලනයකට ගමන් කරමින් සිටින රාජපක්ෂ පාලනය මුහුණ දෙන දෛවයේ සරදමක් බවත් පත්ව තිබේ.

ඒ පසුගිය ජනාධිපතිවර‍ණයේදී භාවිත කළ බවට සැක කෙරෙන ඡන්ද පත්‍රිකා තොගයක් ඊයේ(24) නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයෙන් සොයා ගැනීමත් සමඟය. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන මහා විද්‍යාලය ආසන්නයේ තිබී මෙම ඡන්ද පත්‍රිකා තොගය සොයාගෙන තිබුණි.

2010 ජනාධිපතිවරණය – නුවරඑළිය දිස්ත්‍රික්කට යනුවෙන් මෙම ඡන්ද පත්‍රිකාවල සටහන්ව තිබූ අතර, ඒවායේ පැහැදිලිව “හංසයා” ලකුණට වලංගු ඡන්ද සටහන් කර තිබීම ඉතා සුවිශේෂීය. මේ අතර නිට්ටඹුව කලගෙඩිහේන ප්‍රදේශයෙන් සොයා ගත් ඡන්ද පත්‍රිකා තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.




© S F | Online Media.

ජනතා අපේක්ෂාව උදුරාගත් රජයකට, ප්‍රජාතන්ත්‍රවාදය රැකිය හැකිද?
කිණිහිරය - තැලෙන පොඩිවන ජනතාවගේ ප්‍රජා අයිතිය වෙනුවෙන් !!

No comments:

Post a Comment