ආදරණීය ජෙනරාල්, සරත් ෆොන්සේකා විරුවාණෙනි,
ඉතිං කොහොමද, ජෙනරාල්,
ඔබ වීර සොල්දාදුවෙක්. අපේ ආදරණීය මව්බිම කොටි ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට දිවිහිමියෙන් සටන් කළ වීර සෙබළා ඔබ බව කවුරු කොහොම කිව්වත් මේ රටේ ආදරණීය මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ හදවත්වල ගැඹුරින්ම සටහන්ව තිබෙන බව බොරු කළ නොහැකි සත්‍යයක්. එනමුත් කුරිරු ඒකාධිපතියකුගේත් ඔහුගේ කුරිරු සහෝදර හා පුත්‍ර සමාගමේත් දහසකුත් එකක් තර්ජන හමුවේ එය වසන් කරගෙන සිටිනවා විනා හෙළිදරව් කළ නොහැකි තරමට ඔවුන් අසරණව සිටින බව ඔබද දන්නවා ඇතැයි සිතමි.
අපගේ ආදරණීය මව්බිම ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් ඔබ මුදවා ගත් නමුදු පසුගිය ජනවාරි 26 වෙනිදා මේ කෘෘර ආඥාදායකයාගෙන් මව්බිම මුදා ගැනීමේ දෙවෙනි මෙහෙයුමට ඔබ මුහුණ දී ජයග්‍රහණය කළ බව මේ බිමේ සත්‍යය අගය කරන සියලු මිනිසුන් විසින් පිළගනු ලැබුවද ඒකාධිපති සහෝදර සමාගම විසින් එම ජයග්‍රහණය නිර්ලජ්ජිත ලෙස කොල්ලකා ගත් බව අද වනවිට බොහෝ දෙනෙකුට අමතකව තිබීම කිසියම් ඛේදවාචකයක් වුවත් ඒ පිළිබදව ඔබ මොහොතක්වත් කණගාටු වෙන්න එපා. ඒ අපේ රටේ බහුතරයක් මහජනතාවගේ හැටිය. ඔවුන්ට ඕනෑම දෙයක් ටික දිනකින් අමතකව යයි. අර කතාවක් තියෙනවනේ යකාගෙ හැටියට විමානෙ කියලා. ඒවාගෙ මිනිසුන් ඉන්න රටකට ඒ විදිහෙ පාලකයෝ තමයි ලැබෙන්නේ.

ආදරණීය ජෙනරල්, මේ අපි කවුරුත් උපන්න අපි කවුරුත් මිය යන රට. ඔබගේ රක්ත වරණ රුධිරයෙන් මේ ආදරණීය මාතෘ භූමිය තෙත්වෙද්දි ඔබ උත්සහ කළේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනෙක්ටම බියෙන් සැකෙන් තොරව ගත කරන්න පුලුවන් අවස්ථාවක් උදා කරලා දෙන්නටයි. ආරක්ෂක හමුදාවල ඉන්න අපේ වීරෝධාර රණ විරුවන්ගෙ අනන්ත අපරිමාණ කැපකිරීම් වලට පින් සිද්ධ වෙන්න ඔබට පුලුවන් වුනා ඒ කෘෘර මිනිමරු ප්‍රභාකරන්ගෙන් මේ රට මුදාගන්න නායකත්වයක් දෙන්න.
ඒ සදහා ඔබත් අපේ වීර රණවිරුවනුත් කළ කැපකිරීම් කොපමණද කියල මේ බිමේ සිටින සමහරු තවමත් නිවැරදිව දන්නවාද කියල මට නම් තාමත් සැකයි. කුසට හරිහමන් අහරක් නැතිව නෙතට නින්දක් නැතිව කුරිරු ත්‍රස්තවාදයෙන් බැටකමින් අපේ වීර සොල්දාදුවන් කළ කැප කිරීමෙන් එක කළදක්වත් ඊනියා දේශප්‍රේමීත්වයෙන් වේදිකා ගානෙ පපුවට ගහ ගත්ත අපේ රටේ නායක ආඩම්බරකාරයාවත් එයාගෙ සහෝදර සමාගමවත් එයාගෙ වටේ ඉන්න හැටහුටහමාරක් ඇමති මණ්ඩලයවත් කිසිම මොහොතක කැප කළේ නැහැ කියල අපි නම් දන්නවා. ඒත් ජෙනරල්, මේවා අපේ රටේ මහජනතාව තවම හරියට දන්නෙ නැහැ කියලයි මට නම් හිතෙන්නෙ.
රටේ මහජනතාව මේ දේවල් හරියට දන්නවා නම් මේ රට තවම මෙහෙම තියෙන්නෙ නැහැ. එදා මරාගෙන මැරෙන බෝම්බකාරිය ඔබව සොයාගෙන නාවා නම් හරි ඒ බෝම්බෙන් ඔබ මැරුණා නම් හරි මේ දේවල් මීට වඩා බොහොම වෙනස් විදිහටයි සිද්ධ වෙන්න තිබුණෙ. ඔබට වුණත් බොහෝ දේවල් හරියටම අදුනගන්න හැකි වුණේ එදා ඒ බෝම්බෙන් මැරී ඉපදුණාට පස්සෙ කියලයි මට නම් අවංකවම හිතෙන්නෙ. ඔබ ගොඩක් දේවල් එයින් පස්සෙ තේරුම් අරගත්තා කියල මම විශ්වාස කරනවා.

-මතු සබැදි
ජාතිය රන් විමනක් වේ - ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙලොවේ - සමත් වෙතොත් පුත නුඹ වේ
දැයේ විරුවෙකුගේ ගමන් මග අමතක ජනතාව යලි අවදිකරවා ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවාලීමට,
සිරගත නොවූ සිතුවිලි
© S F | Online Media.
Superb Muchan TRUE STORY
ReplyDeleteඔබ වෙනුවෙන් රටක් බලන් ඉන්නවා. යුද්ධයෙන් රට නිදහස් කරා වගේම.දේශපාලන මැර,පවුල් පරම්පරාවෙන් රට බෙරගන,ලබාදුන් නිදහස සැබෑවටම භූක්ති විදින්න.........ඔබ වෙනුවෙන් අප.........
ReplyDelete