Like us

Monday, June 24, 2013

මරාගෙන මැරෙන බෝම්බ කෑ ෆොන්සේකාට සිතාසි: පුපුරණ ද්‍රව්‍ය ගෙනා කේපීට කාසි------




මැදමූලන නීතිය: මරාගෙන මැරෙන බෝම්බ කෑ ෆොන්සේකාට සිතාසි: පුපුරණ ද්‍රව්‍ය ගෙනා කේපීට කාසි------

(ලංකා ඊ නිව්ස් -2013.ජුනි.24, ප.ව.3.30) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඉතා අසීරුවෙන් ජීවිතය බේරා ගත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට සාක්කි දීමට පැමිණියේ නැතැයි කියා අද (24) සිතාසි නිකුත් කළේය.

ලබන සැප්තැම්බර් 23 වන දා පැමිණිල්ලේ සාක්ෂි ලබාදෙන ලෙස දන්වා මෙලෙස සිතාසි නිකුත් කෙළේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ විසිනි. 2006 වසරේ යුධ හමුදා මූලස්ථානය තුළ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කිරීමේ නඩුව අද (24) යළි විභාගයට ගැණින.

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තුන්දෙනෙකුට අධිචෝදනා 203 ක් යටතේ නඩු පවරා ඇති අතර සාක්ෂිකරුවන් සංඛ්‍යාව 105 කි. අද (24) සාක්ෂි ලබාදෙන්නැයි සරත් ෆොන්සේකාට සිතාසි නිකුත් කර තිබුණත් ඔහු පෙනී සිටියේ නැත.

බෝම්බ කෑවේ සරත් ෆොන්සේකාය. බෝම්බයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ලංකාවට ගෙනාවේ කේ.පී.හෙවත් කුමරන් පද්මනාදන්ය. එල්ටීටීඊය හමුදා ප්‍රධානියාට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන ලෝකයාට කීවේ එකළ එල්ටීටීඊ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් ය. සරත් ෆොන්සේකාට සිතාසි එවා ඇත. කේපීට සහ දයා මාස්ටර්ට හෙනයක් වත් නැත.

දයා මාස්ටර් එජනිසයෙන් උතුරු පළාත් සභා මහ ඇමැති කමට ඉල්ලීම සඳහා සම්මුඛ පරීක‍ෂනයකට පැමිණ ශ්‍රීලනිපයට බැඳීමට ශ්‍රිලනිප ලේකම් වෙත ඉල්ලූම් පතක් ඉදිරිපත් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණ.

කේපීට රාජ්‍ය නොවන සංවිධානයක් හදා ගැනීමට ආණ්ඩුවෙන් කෝටි ගණනක් මුදල්ද සපයා ඇත.

Saturday, June 15, 2013

ඔබ හම්බ කළේ මිනිස්සු.....



" වෙනත් බොහෝ දෙනා යුද්ධය මුදල් ඉපැයිමේ ආදායම් මාර්ගයක් කර ගත්ත ද ෆොන්සේකා මහතා අවංකවම තම රාජකාරිය ඉටුකළ පිරිසුදු මිනිසෙක් ,ඔබ යුද්ධයෙන් මුදල් හම්බකළේ නැහැ. ඔබ හම්බ කළේ මිනිස්සු ඒ නිසායි ඔබට මේ තරම් මිනිස්සු ගෞරව කරන්නේ. ”

මල්වතු පාර්ශවයේ මහා නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ ....

©SF | Online Media.

Tuesday, June 11, 2013

සත්‍ය රජකරවන ගිණි සිළුව ජනතාව අතට...



රට ගිණි තියන ප්‍රජාතන්ත්‍රවාදය කෙළසන පාලන ක්‍රමයකට තිත තැබීමට තවමත් අප ප්‍රමාද නැත. හෙට දින ඉපදෙන ඔබේ දරුවා මෙලොව එළිය දකින්නට පෙරම රටට, ලොවට ණය කාරයෙක් කරන්නට තරම් වර්ථමාන පාලකයෝ ඔල මොට්ටලයෝය. එසේ වූ කළෙක දෑත පපුවට බැද, දෑස තරයේ වසාගෙන සිටීමට තරම් මාගේ හෘද සාක්ෂිය මට ඉඩ නොදෙන්නේය. මන්ද මා සිංහල ලේ ඇති සිංහල පුරුෂයෙක් වන නිසාය. රටට, ජාතියට සහ ආගමට හිතැති පුරුෂයෝ මහ පොලව හා පොර බදිමින් සිටින්නේ මහා ජන රැල්ලක් එනතුරුය. ඒ රැල්ල වැඩි ඈතක නොවේය. එය ඉපිද ඇත්තේ “ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය“ ලෙසින්ය. දැන් රැල්ල ලග ලගම එන්නේය. සිරුර පුරා දුවන සිංහල රතු ලේ, කිසි දිනෙක අසාධාරණයට අයුක්තියට ඉඩ නොතැබුවේය. එසේ ඉඩ තබන්නේද නැත්තේය.

එනිසා මෝහ අන්ධකාරය දුරලන, දුෂ්ඨ අශිෂ්ඨ පාලකයන් ඵලවා හරින දිනය වැඩි ඈතක නැත්තේය. රටට, දැයට, ආගමට, ජාතියට සුව සහන සලසන, උස් තැන්, මිටි තැන් නොතකා නීතිය අකුරට ක්‍රියාත්මක වෙන පාලනයක් ගෙන ඒමට කටයුතු කරන දිනයද වැඩි ඈතක නැත්තේය.

ඒ දිනය වෙනුවෙන් අද අත්වැල් බැදගමු...
කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදවා ගත් සෙන්පති සරත් ෆොන්සේකා මැතිතුමා සහ,
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග..

© S F | Online Media.

Thursday, May 30, 2013

රජයේ ජනතාවාදීත්වයේ තරම..





"එස් 400 බෙන්ස් කාර් 55ක් පොඳු රඳ මඬුලු නායක සමුළුවට ගේනවා" -ප්‍රජාතන්වාදී පක්ෂයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා

මෙරටදී පැවැත්වෙන පොඳු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් ප්‍රජාතන්වාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අදහස් පල කළේය.

"තාම ලෝකයේ එලියට දාලා නෑ. එස් 400 කියන බෙන්ස් කාර් වර්ගය. තාම ලෝකයේ කවුරුත් පාවිච්චි කරලා නෑ. ඒවයින් 55ක් ගේනවා මේ සම්මේලනයට. එතකොට මේ සම්මේලනය සුමාන දෙකෙන් ඉවර වුණාම ඊට පස්සේ මේ පවුල් වාදයේ ඉන්න ඔක්කෝම ගැත්තෝ ටික මේ කාර්වලින් රට වටේ යන්න පටන් ගන්නවා. තමුන්නාන්සේලාගේ දරුවෙකුට අවුරුද්දට බයිසිකල් රේස් එකක් යන්න ආස හිතුනොත් පුස් බයිසිකලයක් ගන්න සල්ලි නැහැ. පුස් බයිසිකලයක් ගත්තත් සියයට 150ක් ගෙවන්න ඕනේ බදු. නමුත් කාර් රේස් යන්න හිතුනම මිලියන සීයයක් වටින කාර් මිලියන විස්සකට ගෙනල්ල දුන්නා. කාර් ගෙනැල්ලා හාබර් එකේ බාන්න තියෙන කොට ලෑස්ති වෙලා බද්ද අඩු කරා සියයට අසූවක්"

සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් පළ කළේ බිංගිරිය, වැල්ලරාව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදීය.


http://www.youtube.com/watch?v=XvZErs21Vvw



© SF | Online Media.

Sunday, February 24, 2013

රටක් රවටන බොරුව....


ලිපේ ගින්දර නිවෙන්නට මත්තෙන් තවත් වෑංජනයක්‌ ලිප මත තබන්නා සේ එක්‌ මැතිවරණයක උණුසුම නිම වන්නට මත්තෙන් තවත් මැතිවරණයක්‌ ආරම්භ වීම දැන් අපට පුරුදු වී තිබේ. පසුගිය වසරේ මේ රට මුහුණ දුන් මැතිවරණ ප්‍රමාණය කොපමණද? ප්‍රාදේශීය සභා, පළාත් සභා, නගර සභා, ජනාධිපතිවරණය, මහා මැතිවරණය ආදී වශයෙන් ගෙවුණු කාලය එයට නිදසුන්ය. කුමක්‌ වුවත් පාර්ලිමේන්තු මැතිවරණය නම් පැවැත්වෙන්නේ නියමිත කාල වකවානුව ඇතුළතම බවද කිව යුතුය. මැතිවරණය යනු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ හරය වුවත් ඒ බර රටට වැඩි බවද සමහරු කියති. දේශපාලඥයා යනු රටක්‌ පාලනය කරන තැනැත්තා ය. ඔහුට හෝ ඇයට රටක සංවර්ධනය ඇති කිරීම, විදේශ බලපෑම් වලින් රට බේරා ගැනීම, අභ්‍යන්තර ආරවුල් නිරාකරණය කිරීම ආදී පරිපාලනය එසේත් නැත්නම් පාලනය කළමනාකරණය කර ගැනීමේ වගකීම ජනතාව විසින් පවරනු ලබන්නකි. ඡන්ද විමසීමක්‌ සිදු කිරීමේ සැබෑ අරුත නම් එය යි. ජනතාව කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ වටිනා ඡන්දය ලබා දීමෙන් අපේක්‍ෂා කරන්නේ අදාළ පුද්ගලයා රටට, ජාතියට, ආගමට, ගමට, රට වැසියාට පිහිට වේවි හෝ දියුණුව වෙනුවෙන් පොදු මෙහෙවරකට කැප වේවි යන විශ්වාසය ඇතිව ය. ඔහු හෝ ඇය එම මෙහෙවර නිසි පරිදි ඉටු නොකළහොත් එසේත් නැතහොත් ජනතා අපේක්‍ෂා යම් තරමකට හෝ ඉටු කර නොදුන්නහොත් ඊළඟ මැතිවරණයේදී ජනතා මනාපය එකී අපේක්‍ෂකයන්ට නොලැබෙනු ඇත. පොදුවේ තමන් බලයට පත් වන ප්‍රදේශයට යම් කිසි සේවයක්‌, පොදු පහසුකම් නංවාලීමක්‌ බලයට පත්වන පුද්ගලයා විසින් සිදු කරන්නේ නම් නිරායාසයෙන් ම ඒ හරහා ජනතාවගේ ඕනෑ එපාකම් ද ඉටු වනු ඇත.

එහෙත් තමාගේ බඩගෝස්තරය වෙනුවෙන් ජනතාව නොමග යවමින් දේශපාලනයේ යෙදෙන පිරිසක්ද ලාංකීය දේශපාලන වේදිකාවේ රග දෙන්නෝය. එවන් අයට සමාජයේ කිසිම තැනක් නැති විය යුතු වුණත් ඔවුන්ව රැක ගන්නා ජනතාවක්ද බිහිව සිටීම ඉතා කනගාටු දායකය. බොහෝ විට එක වේදිකාවකට නැගී මුසාවාදයෙන් ජනතාව රවටා පාර්ලිමේන්තුවට යන පුද්ගලයා ඉන්පසු එන මැතිවරණයකදි පරාජය කළ යුත්තේ ජනතාව අතින්ය. නමුත් එකී බොරු කී පුද්ගලයාම නැවත නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්කරවීමට තරම් ලාංකීය ජනතාව ඉදිරිපත් වීම කණගාටු දායකය.

එසේ බොරු කියන්නාවූ නිවට දේශපාලඥ්යන් තම පක්ෂයේ රදවා ගනිමින්, ඔවුන්ට රැක වරණය ආරක්ෂාව දෙමින් ඔවුන්ගේ නායකයා, එසේම රටේ නායකයා කරන්නේ මහා නිවට ක්‍රියාවක් බව ජනතාව තේරුම් ගත යුතුය. එසේම එවන් ඇමතිවරු සමග එකට ඇමති මණ්ඩලයේ සිටින කිසිවෙකුටත් ලැජ්ජාවක් නැත්තේමය. ඒ ඔවුන්ගේ ක්‍රියා කළාපයද එක හා සමාන වන නිසාය. එසේ එක බොරුවක් කියා අසරණ වූ තැන, එම බොරුව වසා දැමීමට බොරු දහසක් කියන්නාවූ දේශාපලුවන් දිනවීමට තැත් නොකර සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් යටතේ රටක් පාලනය වනු දැකීමට තරම් උනන්දුවක් ලාංකික ජනතාවට ඇති වන්නේ කවදාද?

උසාවියකදී බොරු සාක්ෂි ඉදිරිපත් කරන්නාවූ ජනතාවට නීතිය අකුරට ක්‍රියාත්මක වන්නා සේම, මෙවන් බලයේ සිටින ඇමතිවරුන්ට පවා එම නීතිය අකුරට ක්‍රියාත්මක නොවීම කණගාටුදායකය. 



තැලෙන පොඩිවන ජනතාව සදහා ප්‍රජාතන්ත්‍රවාදය උදාකරලීම වෙනුවෙන්...
© S F | Online Media.

Tuesday, February 19, 2013

මම පුළුවන් විදියට මගේ සීමාව තුල අරගල කළා. බැරිම තැන තමයි මම තීරණයක් ගත්තෙ...


මේ ලියැවෙන්නේ පෙර ලියැවුණු ලිපියට ජෙනරාල්තුමා සිරගෙදර සිට ලියූ පිලිතුරු ල.

පෙර ලිපිය 1 - සිරගත නොවූ සිතුවිලි.
පෙර ලිපිය 2 - ජයග්‍රහණයට පියවරු ගොඩයි, පරාජය අවජාතකයි.
පෙර ලිපිය 3 - සිහල මුස්ලිම් දමිල ජනයින් - සමගි කළ මිනිසා නුඹයි.

එසේම පසුගිය ජනවාරි 26 වෙනිදා මේ කෘෘර ආඥාදායකයාගෙන් මව්බිම මුදා ගැනීමේ දෙවෙනි මෙහෙයුමට ඔබගේ සහයෝගයෙන් මුහුණදී මා ජයග්‍රහණය කළ බව මේ මව්බිමේ සත්‍ය අගය කරන සියළු මිනිසුන් විසින් පිලිගනු ලැබුවද ඒකාධිපති සහෝදර සමාගම විසින් එම ජයග්‍රහනය නිරලජ්ජිත ලෙස කොල්ලකාගෙන බොරු චෝදනා නගමින් මාව සිරගත කළේ මම එළියේ හිටියෙත් අනිවාර්‍යෙයන්ම කොන්දේසි විරහිතව ජනාධිපතිවරණයේ ජයග්‍රහණය නැවත දිනා ගැනීම උදෙසා සටන් වදින බවත් ඒ සදහා මා තුල ඇති අධිෂ්ඨානය හා ශක්තිය පිළබදවත් ඔවුන් හොදින්ම දන්නා නිසයි. ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම උසාවියට ඉදිරිපත් කළෙත් තවමත් ඒ සම්බන්ධයෙන් යොමු විය යුතු අවධානය විපක්ෂයේ පක්ෂ විසින් යොදා නොමැති බව ඔබ හැම දන්නවා ඇති. මා ලද ජයග්‍රහණය එසේ කොල්ලකාගත් නමුදු මා තවදුරටත් එළියේ සිටියා නම් ජනාධිපතිවරණයේදි මෙන්ම මහ මැතිවරණය සදහාද ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්කොට අනෙකුත් විපක්ෂයේ පක්ෂ සමග ශක්තිමත් ලෙස සන්ධානයක් ගොඩ නගා ගෙන තරග කිරීමට ඔවුන් දෙපාර්ශවය එකග කර ගැනීමේ හැකියාව මා සතුව තිබුණා. එහෙම වුණා නම් අපිට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවත් ශක්තිමත් විපක්ෂයක් ලෙස මේ පවුල් ආණ්ඩුවේ දුෂ්ඨ පාලනයට එරෙහිව සැබෑ ලෙස ඉමහත් ජවයකින් යුතුව කටයුතු කිරීමට හැකියාව තිබුණා. ඒ බව හොදින්ම දන්නා නිසා එය වැලැක්වීමත් මාව අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමේ ප්‍රධාන අරමුණක්ව තිබුණා.

ඉතිහාසය අද වනවිට බොහෝ දෙනකුට අමතකව තිබීම කිසියම් ඛේදවාචකයක් වුණත් ඒ පිළිබද අපි තව දුරටත් කණගාටු විය යුතු නැහැ. අහිංසක මහජනතාව ඊට පළි නැහැ. හැබැයි ඒ අයත් මේ සැබෑ අර්බුධය සිහි නුවණින් වටහා ගැනීමට දැන් ඉතින්වත් උත්සාහ නොකළොත් මේ දුර්දාන්ත පවුල් පාලනය යටතේ මේ රට වැඩිකල් නොයාම සාරය උරා බිව් වවුල් හපයක් බවට පත් වේවි. පවුල් සමාගම පමණක් පෝෂණය වෙමින් රටේ සිංහල දෙමළ මුස්ලිම් වැඩි පිරිසක් මන්ද පෝෂණයට ගොදුරු වේවි.

එදා මරාගෙන මැරෙන බෝම්බකාරිය මා සොයාගෙන නාවා නම් හරි ඒ බෝම්බයෙන් මා මැරුණා නම් හරි මේ දේවල් මීට වඩා බොහොම වෙනස් විදිහට සිද්ධ වෙන්න තිබුණු බව මමත් දන්නවා. ඇත්තටම මට වුණත් බොහෝ දේවල් හරියටම අදුනගන්න හැකි වුණේ එදා ඒ බෝම්බයෙන් මැරී ඉපදුනාට පස්සෙයි. ඒක ඇත්ත. මම ගොඩක් දේවල් එයින් පස්සෙ තේරුම් ගත්තා. එතෙක් මට හරියටම නොතේරුණු ගොඩක් දේවල් විග්‍රහ කරල බලන්න මට පුළුවන්කමක් ලැබුණා. කවුද රට වෙනුවෙන් සැබෑ කැපකිරීම් කරන්නෙ. කවුද බොරු කාරයෝ? යුද්ධය සිදුවෙද්දි ඒවාට මුවා වෙලා දූෂණ කරන්නෙ කවුද ? කොමිස් ගහන්නෙ කවුද? සැබෑ දේශප්‍රේමයයි බොරු දේශප්‍රේමයයි අතර තියෙනව වෙනස මොන වගේද? වගේ තවත් බොහෝ දේවල් තේරුම් ගන්න පුලුවන් වුනාට පස්සෙ තමයි, මට පුළුවන් වුණේ යුද්ධය දිනන දිශාවට  අපගේ හමුදා මෙහෙයවන්න. අලුත් සැලසුම් හදන්න ඊට පසුව පුලුවන් වුනා. මේ දේවල් සිදුවුණේ ඇත්තටම රටේ නායකයො නොදැන. එයාලා ගොඩක් දේවල් දැන හිටියෙ නැහැ. මම කටේ බලෙන් තමයි යුද්ධය ඉස්සරහට ගෙනිච්චෙ. හැබැයි ඒ වෙලාවෙ ජනතා විමුක්ති පෙරමුණ මට ගොඩක් උදව් කළා. එයාලා කෑ නොගැහුවා නම්  ජනාධිපති යුද්දෙ නවත්තන්න මට අනිවාර්යෙන්ම කියනවා. කොහොම හරි අන්තිමට අපි ජයග්‍රහණය කළා. ඊට පස්සෙ ඒ ජයග්‍රහණයට පියවරු ගොඩක් හිටියා. ඒ යුද්ධය අපි පැරදුනා නම් මේ දේවල් සේරම යන්නෙ මගෙ කරපිටින්. සාමාන්‍ය ජනතාව අතර සිට මේ දේවල් නිවැරදිව තේරුම් ගත්ත සුළු තරයක් ගැන සිරගෙදර ඇතුලේ හිටියත් මම සතුටු වෙනවා. මහජනතාවගේ විඥානය ගැන මට සතුටුයි.

යුද්දෙන් පස්සෙ මේ රටේ පළමුවෙන්ම ගොඩනැගිය යුතුව තතිබු ජාතික සමගිය දිනාදීමට පාලකයින්ට කිසිම උවමනාවක් තිබුණෙ නැහැ. රට ගොඩනැගීම කියන එක ගැන බින්දු මාත්‍රයක් හැගීමක් එයාලට තිබුණේ නැහැ. උදේට ඇදෙන් නැගිටින්නේ එදා දවසේ හොරකම් කීයක් කරනවාද කියලා හිතමින් විතරමයි. මම මේ දේවල් මගෙ ඇස් දෙකෙන් දැක්ක. ඒ වගේම මම පුළුවන් විදියට මගේ සීමාව තුල අරගල කළා. බැරිම තැන තමයි මම තීරණයක් ගත්තෙ. මේ රටට විශ්වාසනීය වෙනසක් ගේන්න. ඒකට මම එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් තව පක්ෂ ගණනාවකුත් සිවිල් සංවිධාන, මාධ්‍ය හා පුද්ගලයින් රැසක් සමග එකතු වෙන්නෙ. පළමු මෙහෙයුමෙන් කොටි ත්‍රස්තවාදය පරදවල, මේ අධම දූෂිත පවුල් පාලනය පරදවා රටට ජයග්‍රහණය අත්පත් කරදීමේ දෙවෙනි මෙහෙයුම අරඹමින්.

 © S F | Online Media.
20/02/2013