Like us

Tuesday, February 19, 2013

මම පුළුවන් විදියට මගේ සීමාව තුල අරගල කළා. බැරිම තැන තමයි මම තීරණයක් ගත්තෙ...


මේ ලියැවෙන්නේ පෙර ලියැවුණු ලිපියට ජෙනරාල්තුමා සිරගෙදර සිට ලියූ පිලිතුරු ල.

පෙර ලිපිය 1 - සිරගත නොවූ සිතුවිලි.
පෙර ලිපිය 2 - ජයග්‍රහණයට පියවරු ගොඩයි, පරාජය අවජාතකයි.
පෙර ලිපිය 3 - සිහල මුස්ලිම් දමිල ජනයින් - සමගි කළ මිනිසා නුඹයි.

එසේම පසුගිය ජනවාරි 26 වෙනිදා මේ කෘෘර ආඥාදායකයාගෙන් මව්බිම මුදා ගැනීමේ දෙවෙනි මෙහෙයුමට ඔබගේ සහයෝගයෙන් මුහුණදී මා ජයග්‍රහණය කළ බව මේ මව්බිමේ සත්‍ය අගය කරන සියළු මිනිසුන් විසින් පිලිගනු ලැබුවද ඒකාධිපති සහෝදර සමාගම විසින් එම ජයග්‍රහනය නිරලජ්ජිත ලෙස කොල්ලකාගෙන බොරු චෝදනා නගමින් මාව සිරගත කළේ මම එළියේ හිටියෙත් අනිවාර්‍යෙයන්ම කොන්දේසි විරහිතව ජනාධිපතිවරණයේ ජයග්‍රහණය නැවත දිනා ගැනීම උදෙසා සටන් වදින බවත් ඒ සදහා මා තුල ඇති අධිෂ්ඨානය හා ශක්තිය පිළබදවත් ඔවුන් හොදින්ම දන්නා නිසයි. ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම උසාවියට ඉදිරිපත් කළෙත් තවමත් ඒ සම්බන්ධයෙන් යොමු විය යුතු අවධානය විපක්ෂයේ පක්ෂ විසින් යොදා නොමැති බව ඔබ හැම දන්නවා ඇති. මා ලද ජයග්‍රහණය එසේ කොල්ලකාගත් නමුදු මා තවදුරටත් එළියේ සිටියා නම් ජනාධිපතිවරණයේදි මෙන්ම මහ මැතිවරණය සදහාද ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්කොට අනෙකුත් විපක්ෂයේ පක්ෂ සමග ශක්තිමත් ලෙස සන්ධානයක් ගොඩ නගා ගෙන තරග කිරීමට ඔවුන් දෙපාර්ශවය එකග කර ගැනීමේ හැකියාව මා සතුව තිබුණා. එහෙම වුණා නම් අපිට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවත් ශක්තිමත් විපක්ෂයක් ලෙස මේ පවුල් ආණ්ඩුවේ දුෂ්ඨ පාලනයට එරෙහිව සැබෑ ලෙස ඉමහත් ජවයකින් යුතුව කටයුතු කිරීමට හැකියාව තිබුණා. ඒ බව හොදින්ම දන්නා නිසා එය වැලැක්වීමත් මාව අත් අඩංගුවට ගෙන රදවා තබා ගැනීමේ ප්‍රධාන අරමුණක්ව තිබුණා.

ඉතිහාසය අද වනවිට බොහෝ දෙනකුට අමතකව තිබීම කිසියම් ඛේදවාචකයක් වුණත් ඒ පිළිබද අපි තව දුරටත් කණගාටු විය යුතු නැහැ. අහිංසක මහජනතාව ඊට පළි නැහැ. හැබැයි ඒ අයත් මේ සැබෑ අර්බුධය සිහි නුවණින් වටහා ගැනීමට දැන් ඉතින්වත් උත්සාහ නොකළොත් මේ දුර්දාන්ත පවුල් පාලනය යටතේ මේ රට වැඩිකල් නොයාම සාරය උරා බිව් වවුල් හපයක් බවට පත් වේවි. පවුල් සමාගම පමණක් පෝෂණය වෙමින් රටේ සිංහල දෙමළ මුස්ලිම් වැඩි පිරිසක් මන්ද පෝෂණයට ගොදුරු වේවි.

එදා මරාගෙන මැරෙන බෝම්බකාරිය මා සොයාගෙන නාවා නම් හරි ඒ බෝම්බයෙන් මා මැරුණා නම් හරි මේ දේවල් මීට වඩා බොහොම වෙනස් විදිහට සිද්ධ වෙන්න තිබුණු බව මමත් දන්නවා. ඇත්තටම මට වුණත් බොහෝ දේවල් හරියටම අදුනගන්න හැකි වුණේ එදා ඒ බෝම්බයෙන් මැරී ඉපදුනාට පස්සෙයි. ඒක ඇත්ත. මම ගොඩක් දේවල් එයින් පස්සෙ තේරුම් ගත්තා. එතෙක් මට හරියටම නොතේරුණු ගොඩක් දේවල් විග්‍රහ කරල බලන්න මට පුළුවන්කමක් ලැබුණා. කවුද රට වෙනුවෙන් සැබෑ කැපකිරීම් කරන්නෙ. කවුද බොරු කාරයෝ? යුද්ධය සිදුවෙද්දි ඒවාට මුවා වෙලා දූෂණ කරන්නෙ කවුද ? කොමිස් ගහන්නෙ කවුද? සැබෑ දේශප්‍රේමයයි බොරු දේශප්‍රේමයයි අතර තියෙනව වෙනස මොන වගේද? වගේ තවත් බොහෝ දේවල් තේරුම් ගන්න පුලුවන් වුනාට පස්සෙ තමයි, මට පුළුවන් වුණේ යුද්ධය දිනන දිශාවට  අපගේ හමුදා මෙහෙයවන්න. අලුත් සැලසුම් හදන්න ඊට පසුව පුලුවන් වුනා. මේ දේවල් සිදුවුණේ ඇත්තටම රටේ නායකයො නොදැන. එයාලා ගොඩක් දේවල් දැන හිටියෙ නැහැ. මම කටේ බලෙන් තමයි යුද්ධය ඉස්සරහට ගෙනිච්චෙ. හැබැයි ඒ වෙලාවෙ ජනතා විමුක්ති පෙරමුණ මට ගොඩක් උදව් කළා. එයාලා කෑ නොගැහුවා නම්  ජනාධිපති යුද්දෙ නවත්තන්න මට අනිවාර්යෙන්ම කියනවා. කොහොම හරි අන්තිමට අපි ජයග්‍රහණය කළා. ඊට පස්සෙ ඒ ජයග්‍රහණයට පියවරු ගොඩක් හිටියා. ඒ යුද්ධය අපි පැරදුනා නම් මේ දේවල් සේරම යන්නෙ මගෙ කරපිටින්. සාමාන්‍ය ජනතාව අතර සිට මේ දේවල් නිවැරදිව තේරුම් ගත්ත සුළු තරයක් ගැන සිරගෙදර ඇතුලේ හිටියත් මම සතුටු වෙනවා. මහජනතාවගේ විඥානය ගැන මට සතුටුයි.

යුද්දෙන් පස්සෙ මේ රටේ පළමුවෙන්ම ගොඩනැගිය යුතුව තතිබු ජාතික සමගිය දිනාදීමට පාලකයින්ට කිසිම උවමනාවක් තිබුණෙ නැහැ. රට ගොඩනැගීම කියන එක ගැන බින්දු මාත්‍රයක් හැගීමක් එයාලට තිබුණේ නැහැ. උදේට ඇදෙන් නැගිටින්නේ එදා දවසේ හොරකම් කීයක් කරනවාද කියලා හිතමින් විතරමයි. මම මේ දේවල් මගෙ ඇස් දෙකෙන් දැක්ක. ඒ වගේම මම පුළුවන් විදියට මගේ සීමාව තුල අරගල කළා. බැරිම තැන තමයි මම තීරණයක් ගත්තෙ. මේ රටට විශ්වාසනීය වෙනසක් ගේන්න. ඒකට මම එක්සත් ජාතික පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් තව පක්ෂ ගණනාවකුත් සිවිල් සංවිධාන, මාධ්‍ය හා පුද්ගලයින් රැසක් සමග එකතු වෙන්නෙ. පළමු මෙහෙයුමෙන් කොටි ත්‍රස්තවාදය පරදවල, මේ අධම දූෂිත පවුල් පාලනය පරදවා රටට ජයග්‍රහණය අත්පත් කරදීමේ දෙවෙනි මෙහෙයුම අරඹමින්.

 © S F | Online Media.
20/02/2013

No comments:

Post a Comment