Like us

Monday, February 11, 2013

ආඩම්බරකාර තාත්තා කෝ ?


පාසලේ තීන්ත ගෑමට මුදල් නොමැති කමින් එම මුදල් පාසලට ලබා දීමට දැරිවියක් තමන්ගේ ඉඩමට නුදුරු තැනක ගසකින් වැටුණු පොල් ගෙඩි කිහිපයක් අහුලයි. ඒ තම දරිද්‍රතාව නිසා මිසක හොරකමක් කිරීමේ චේතනාවෙන් නෙවන බව පැහැදිලි කාරණයක්. පසුව නීතියේ උදහසට ලක්වන ඇය රුපියල් පනස්දහසක ඇප මත මුදා හැරේ.

තවත් තැනෙක දැරියක් දූෂණ්‍ය කරන මැතිවරයෙක් රුපියල් දසදහසක ඇප මත මුදාහැරේ.

අගවිනිසුරුවරියන් බලහත්කාරයෙන් පන්නා දමන, තම පවුල් සංස්ථාවේ අභිවෘද්ධියට ක්‍රියා කරන නීතියකින් සාධාරණයක් පැතිය හැක්කේ කවදාකද?

මේ සියල්ල බුද්ධිමත් ජනතාවගේ අවධානය පිණිස මිස, පාට කණ්නාඩි දමා ගත් අය සදහා නොවේ..


© S F | Online Media.

1 comment:

  1. නීතිය බල්ලට ගිහින් යුක්තිය අසාධාරණය රජ වුන කාලයක අපි ජීවත් වෙන්නේ

    ReplyDelete