Like us

Sunday, February 3, 2013

එදා DS, මෙදා SF !! - දිනූ නිදහස සම්බන්ධවයි....


එදා ඩී.එස් සේනානායක මැතිතුමා..
1948 වසරේ පෙබරවාරි මස 48වනදා ලක් මවට නිදහස ලබා දුන්නේය.

අපේ ජාතික නිදහ‍ස් සටනේ අසහාය සෙන්පතියෙකු වූ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විශිෂ්ට තම රාජ්‍ය පාලකයෙකු වශයෙන් කැපී පෙනුණු සැබෑ දේශප්‍රේමියෙක් හා අග්‍රගන්‍ය ජාති හිතෛෂීයෙකු වශයෙන් හැඳින්විය හැකිය.

1952 මාර්තු 22 වන දා පරලෝ සැපත් වූ එතුමා අපට කිසිසේත් අමතක කළ නො හැකි අන්දමේ මහා වීර පුරුෂයෙකු බව පැවසීම අතිශයෝක්තියක් නො වේ.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1930 රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පැවති මහා මැතිවරණයේ දී මිනුවන්ගොඩ ආසනය නියෝජනය කළ ඩී.එස්. සේනානායක මහතා කෘෂිකර්ම හා ඉඩම් කාරක සභාවේ සභාපති පදවියට පත් විය.


පෞරාණික ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතියේ හා ශ්‍රී සමෘද්ධියේ නෂ්ටාවශේෂ බවට පත් ව තිබූ පැරණි කෘෂිකාර්මික ප්‍රදේශයන්හි සංචාරය කළ එතුමා වල් බිහි ව කැලෑ බවට පත් ව තිබූ එම ප්‍රදේශ යළිත් සරුසාර ගොවිබිම් බවට පත් කර ගැනීමට තිර අදිටනක් ඇති කර ගත්තේ ය. යථෝක්ත ප්‍රදේශයන්හි කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කළ යුතුයි, එතුමා යෝජනා කළ විට එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුව ඒ සඳහා මුදල් වැය කිරීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නො තිබුණි.


1932 දී එතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉඩම් සංවර්ධන පනත අනුව සියලු ම කැලෑ ඉඩම්වල අයිතිය රජය වෙත පවරා ගන්නා ලදී. ඉන්පසුව ඒ ඒ ප්‍රදේශවල ප්‍රවේණිගතව ජීවත් වු අයට ඉඩම් කැබලිකර බෙදා දීම සිදුවිය. ඉඩම් නොමැති දුප්පත් ජනතාවට ඉඩම් නොමිලේ ලබා දෙමින් ඉඩම් පිළිබඳ ව මේ රටේ ප්‍රථම වතාවට පෙරළියක් ඇති කරන ලද්දේ ඩී.එස්. සේනානායක මහතා නිසි බව පිළිගත යුතු ය. ඉඩම් බෙදා දීමත් සමඟ ම ඒවා එළිපෙහෙළි වෙමින් නගර, මං මාවත්, දුම්රිය මාර්ග ආදිය බිහිවෙන්නට විය. මේ අනුව අනුක්‍රමයෙන් ඇලහැර, බකමූණ, මිනිපේ සහ මින්නේරිය ආදී විශාල ගොවි ජනපදත් ගල් ඔය මහා ගොවි ජනපද ව්‍යාපාරත් ඇති විය. වසර සිය ගණන් මුළුල්ලේ නොසලකා හැර තිබී විනාශයට පත් වූ වැව් අමුණු ආදී වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරමින් පැරණි ජල මාර්ග යළි සකස් කරමින් ශ්‍රී විභූතිය යළිත් මේ රටේ ඇති කරනු පිණිස එතුමා අප්‍රතිහත ධෛර්යයෙන් හා දැඩි අධිෂ්ඨානයකින් යුතු ව කටයුතු කළේය.

ශත වර්ෂ ගණනාවකට පසු මේ රටේ වහල්භාවය නිමා කරමින් 1948 පෙබරවාරි 4 දින මේ ශ්‍රී ලංකා දීපයට නිදහස උදාකර දෙමින් අපගේ අභිමානවත් ජාතික කොඩිය ප්‍රථම වරට එසවීමේ භාග්‍ය උදා කරගත් මේ මහා සිංහලයා මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතා ය. උපන් බිම වහල් බවින් මුදා එක්සේසත් කොට බතින්බුලතින් සරුසාර කිරීම සඳහා තම මුළු මහත් ජීවිතය ම කැපකොට කටයුතු කළ ඩී.ඇස්. සේනානායක මැතිඳුන්ගේ යශෝ නාමය මේ හෙළ බිම පවත්නා තුරු ම නොමැකී පවතිනු ඇත.

මෙදා ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමා..
1948 වසරේ පෙබරවාරි මස 48වනදා ලක් මවට ලැබුණු නිදහස රුදුරු කොටි ත්‍රස්තවාදීන් නිසා නැවත අහිමි වූවේය. අප්‍රමාණ ජීවිත ත්‍රස්තවාදය හමුවේ විනාශ වෙද්දී ජාතියේ පිනට පහල වූයේ සෙන්පති සරත් ෆොන්සේකා මැතිතුමාය.


ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා 17 දෙසැම්බර 1950 වනදා ලක් මව්ගේ පහස ලැබීය.  ඔහු හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.


ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය. ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය. දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.


ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්විය., ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාපති ලෙසින්, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය 2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය. ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය. අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය.

2009 මැයි මස 19 දින දිනමිණ පුවත්පත

රණ දෙරණ රැකගත් මහ සෙන්පති
තම්බපන්නියම ඔබහට ණය ගැතිය
"වින්ද දරු දුක ලක්මව් සිරිමතිය සුන් කර ලූ පින පමණක් වුව ඇතිය සිංහ විලස පන මහවිරු සෙන්පතිය තම්බපන්නියම ඔබහට ණය ගැතිය"
-රත්න ශ්‍රී විජේසිංහ

ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ
"සිය පණ දෙවැනි කොට ගොඩබිම රකින්නේ මිනිසත්කමයි හදවත තුළ පිරෙන්නේ හැම නිවෙසකම අද සිහ දද නැගෙන්නේ ඔබෙ වීරියෙනි සතුරන් දණ ගසන්නේ"
-අමර පී. වීරසිංහ

තවත් හමුදාපති කෙනකුට ත‍්‍රස්තවාදීන් සමඟ යුද්ධ කරන්න ඉඩ තබන්නේ නැතැයි 2008 වසරේ මාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත් වූ සුහද හමුව අවස්ථාවේ ස්ථිර ප‍්‍රකාශයක් කළ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඉතා කෙටි කාලයක් තුළ එය ඉෂ්ඨ කර පෙන්වීමට තරම් දක්ෂ, නිර්භීත, අධිෂ්ඨානශීලි නායකයකු බව අද මේ වන විට සමස්ත ලෝක ජනතාව ඉදිරියේ ඔප්පු වී හමාරය. වසර 40කට ආසන්න කාලයක් උතුරු නැගෙනහිර කි‍්‍රයාන්විත සේවයේ යෙදී සිටි ඉතාමත් නිහඬ සේවයක් රට වෙනුවෙන් සිදුකළ මේ අභීත සෙන්පතියා දශක තුනකට ආසන්න කාලයක් මේ රට තුළ පැවැති කුරිරු ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කිරීමට කටයුතු කළ එහි නියමුවා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා නාමය ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

ත‍්‍රස්තවාදීන්ට මෙම සෙන්පතියා හිසරදයක් බවට පත්වූයේ එතුමා යාපනය ආඥාපතිවරයා වශයෙන් පත්වීමටත් පෙර සිට ය. එකම බිම් අඟලක් හෝ ත‍්‍රස්තවාදීන්ට අත්පත් කර ගැනීමට ඉඩ නොදෙන්නේ ය යන ස්ථිර අධිෂ්ඨානය කිසිදු බලවේගයකට වෙනස් කළ නොහැකි වන පරිදි සිත තුළ දරාගෙන කි‍්‍රයා කළ සෙන්පති සරත් ෆොන්සේකා අවස්ථාවක් ලැබුණොත් ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන් ම විනාශ කර දමන්නේ ය යන අදහස සිත තුළ දරාගෙන කටයුතු කළේය.

උක්ත අදහස මල් ඵල ගන්වමින් එතුමා ලක් මෑණියන් ලෙයින් පෙගවූ මිනීමරු කොටි ත්‍රස්තවාදීන් හා සටන් කොට, තම ත්‍රිවිධ හමුදාවන් මෙහෙයවමින් රටේ ඒකීය බව තහවුරු කළේය. ඩී.එස් සේනානායක මහතා ශ්‍රී ලංකාවට 1948 වසරේ නිදහස ගෙන ඒමට කටයුතු කළා සේම, මව්බිමට දෙවන වර නිදහස ගෙන ඒමට කටයුතු කළේ සෙන්පති සරත් ෆොන්සේකා මහතාය.


ලක්මව ජීවත් කරවීමට, විවිධ සතුරු කරදරවලින් බේරා ගැනීමට තම දිවි පරදුවට තබමින් සටන් කළ දැයේ විරුවන් 56වන නිදහස සමරන මෙවන් දිනයක නැවත නැවත සිහිපත් කරමු. අප ඔවුනට ණය ගැති බව නැවත නැවත සිහිපත් කරමු.

© S F | Online Media.



No comments:

Post a Comment