Like us

Monday, June 24, 2013

මරාගෙන මැරෙන බෝම්බ කෑ ෆොන්සේකාට සිතාසි: පුපුරණ ද්‍රව්‍ය ගෙනා කේපීට කාසි------




මැදමූලන නීතිය: මරාගෙන මැරෙන බෝම්බ කෑ ෆොන්සේකාට සිතාසි: පුපුරණ ද්‍රව්‍ය ගෙනා කේපීට කාසි------

(ලංකා ඊ නිව්ස් -2013.ජුනි.24, ප.ව.3.30) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඉතා අසීරුවෙන් ජීවිතය බේරා ගත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට සාක්කි දීමට පැමිණියේ නැතැයි කියා අද (24) සිතාසි නිකුත් කළේය.

ලබන සැප්තැම්බර් 23 වන දා පැමිණිල්ලේ සාක්ෂි ලබාදෙන ලෙස දන්වා මෙලෙස සිතාසි නිකුත් කෙළේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ විසිනි. 2006 වසරේ යුධ හමුදා මූලස්ථානය තුළ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එවකට යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කිරීමේ නඩුව අද (24) යළි විභාගයට ගැණින.

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තුන්දෙනෙකුට අධිචෝදනා 203 ක් යටතේ නඩු පවරා ඇති අතර සාක්ෂිකරුවන් සංඛ්‍යාව 105 කි. අද (24) සාක්ෂි ලබාදෙන්නැයි සරත් ෆොන්සේකාට සිතාසි නිකුත් කර තිබුණත් ඔහු පෙනී සිටියේ නැත.

බෝම්බ කෑවේ සරත් ෆොන්සේකාය. බෝම්බයට අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ලංකාවට ගෙනාවේ කේ.පී.හෙවත් කුමරන් පද්මනාදන්ය. එල්ටීටීඊය හමුදා ප්‍රධානියාට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන ලෝකයාට කීවේ එකළ එල්ටීටීඊ මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් ය. සරත් ෆොන්සේකාට සිතාසි එවා ඇත. කේපීට සහ දයා මාස්ටර්ට හෙනයක් වත් නැත.

දයා මාස්ටර් එජනිසයෙන් උතුරු පළාත් සභා මහ ඇමැති කමට ඉල්ලීම සඳහා සම්මුඛ පරීක‍ෂනයකට පැමිණ ශ්‍රීලනිපයට බැඳීමට ශ්‍රිලනිප ලේකම් වෙත ඉල්ලූම් පතක් ඉදිරිපත් කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබිණ.

කේපීට රාජ්‍ය නොවන සංවිධානයක් හදා ගැනීමට ආණ්ඩුවෙන් කෝටි ගණනක් මුදල්ද සපයා ඇත.

Saturday, June 15, 2013

ඔබ හම්බ කළේ මිනිස්සු.....



" වෙනත් බොහෝ දෙනා යුද්ධය මුදල් ඉපැයිමේ ආදායම් මාර්ගයක් කර ගත්ත ද ෆොන්සේකා මහතා අවංකවම තම රාජකාරිය ඉටුකළ පිරිසුදු මිනිසෙක් ,ඔබ යුද්ධයෙන් මුදල් හම්බකළේ නැහැ. ඔබ හම්බ කළේ මිනිස්සු ඒ නිසායි ඔබට මේ තරම් මිනිස්සු ගෞරව කරන්නේ. ”

මල්වතු පාර්ශවයේ මහා නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ ....

©SF | Online Media.

Tuesday, June 11, 2013

සත්‍ය රජකරවන ගිණි සිළුව ජනතාව අතට...



රට ගිණි තියන ප්‍රජාතන්ත්‍රවාදය කෙළසන පාලන ක්‍රමයකට තිත තැබීමට තවමත් අප ප්‍රමාද නැත. හෙට දින ඉපදෙන ඔබේ දරුවා මෙලොව එළිය දකින්නට පෙරම රටට, ලොවට ණය කාරයෙක් කරන්නට තරම් වර්ථමාන පාලකයෝ ඔල මොට්ටලයෝය. එසේ වූ කළෙක දෑත පපුවට බැද, දෑස තරයේ වසාගෙන සිටීමට තරම් මාගේ හෘද සාක්ෂිය මට ඉඩ නොදෙන්නේය. මන්ද මා සිංහල ලේ ඇති සිංහල පුරුෂයෙක් වන නිසාය. රටට, ජාතියට සහ ආගමට හිතැති පුරුෂයෝ මහ පොලව හා පොර බදිමින් සිටින්නේ මහා ජන රැල්ලක් එනතුරුය. ඒ රැල්ල වැඩි ඈතක නොවේය. එය ඉපිද ඇත්තේ “ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය“ ලෙසින්ය. දැන් රැල්ල ලග ලගම එන්නේය. සිරුර පුරා දුවන සිංහල රතු ලේ, කිසි දිනෙක අසාධාරණයට අයුක්තියට ඉඩ නොතැබුවේය. එසේ ඉඩ තබන්නේද නැත්තේය.

එනිසා මෝහ අන්ධකාරය දුරලන, දුෂ්ඨ අශිෂ්ඨ පාලකයන් ඵලවා හරින දිනය වැඩි ඈතක නැත්තේය. රටට, දැයට, ආගමට, ජාතියට සුව සහන සලසන, උස් තැන්, මිටි තැන් නොතකා නීතිය අකුරට ක්‍රියාත්මක වෙන පාලනයක් ගෙන ඒමට කටයුතු කරන දිනයද වැඩි ඈතක නැත්තේය.

ඒ දිනය වෙනුවෙන් අද අත්වැල් බැදගමු...
කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදවා ගත් සෙන්පති සරත් ෆොන්සේකා මැතිතුමා සහ,
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග..

© S F | Online Media.